" මගේ වීරයා - තාත්තා "


" තාත්තේ ඔයා අල්ලාගෙන නේද ඉන්නේ? අනේ තාත්තේ අතාරින්න එපා. "

" හරි හරි වස්තුවේ මම ඔයාව අල්ලාගෙන ඉන්නේ.වැටෙන්න දෙන්නේ නෑ "

" ඒ උනාට බයයි තාත්තේ "

" බයවෙලා කොහොමද පැටියෝ බයිසිකල් පදින්න පුරුදු වෙන්නේ? ම්ම්? "

" අනේ අනේ බයයි "

" පුතේ මම අල්ලාගෙන ඉන්නේ.විශ්වාස කරන්ඩකෝ මාව "

" හාන් :( "

" හෙමින් පැඩල් ගහලා පදින්න "

තාත්තා කියපු විදියටම කළා .පැඩල් කරන්න පුරුදු උනා.තාත්තා බයිසිකලේ අල්ලාගෙන මගේ පස්සෙන් එනවා.
ක්‍රමේ අහුඋනා.වේගේ වැඩි කළා.තාත්තා තවමත් බයිසිකලෙයි මාවයි අල්ලාගෙන එනවා.ඉහින් කනින් දාඩිය පෙරෙනවා.
එත් මුණේ මහන්සි පාටක් නෑ.තාත්තා  ඉස්සරහ බලාගෙන මාව අල්ලන් දුවනවා.මම තාත්තා දිහා බලාගෙන පැඩල් කරනවා.

" තාත්තේ ඔයාට මහන්සිද? "

" නෑ වස්තුවේ " ( හති අරිමින් )

" තාත්තේ මට මහන්සියි " ( තාත්තගේ දාඩිය ගලන මුණ දිහා බලමින් )

" මේ වට දෙකක් පුරුදු වෙලා ?? හා එහෙනම් අදට පුරුදු උනා ඇති. "

මහන්සිය තාත්තාව හොදටම හෙම්බත් කරලා ,දාඩිය තාත්තගේ ඇඟම අයිති අරගෙන.
එක අතකින් මාව වඩාගෙන එක අතකින් බයිසිකලේ අල්ලාගෙන පිරුණ දාඩිය සුවඳත් එක්ක අපි ගෙදර ආවා. 


මේ බැඳීම මෙච්චර ශක්තිමත් වෙන්න ඇත්තේ  දෙන්නට දෙන්න " රහසේ කළ කැපකිරීම් " වෙන්න ඕනේ.

| Anu Perera

Share on Google Plus

About Anu Perera

Anu Perera is an Author by publishing her first novel "HIKO". Anu has written more than 70 of articles to Siththam Maya Blog and has shown her colors to the readers. Some of Her articles smell radicality while giving a message to the whole society.
Post a Comment