Ads Top

" නිහඩ වෙරළ තීරය... "



ඔව් මම බලන් ඉන්නෙ උඹ දිහා බලන් තමයි..

වතාවක් උඹ අපි උඹෙන් හම්බ කරගත්ත සතයක් නෑර ආපිට ගත්තා
ඇදන් හිටපු වස්තරෙ විතරක් ඉතුරු වෙන්න අනිත් හැමදේම ගත්තා
රටේ එක පැත්තක් එහෙම්පිටින්ම නැවතිලා වගේ තිවුනා,

ඒ උඹ හින්දා නෙවෙයී ද

කොහොමද වැරැද්දක් නොකල ගානට උඹ ඉන්නේ
ඔව් මම උඹෙන් අහන්නේ

උඹ අසාධාරණ නෑ
අපිත් වැරැද්දක් නොවුන ගානට ඇවිත් උඹ එක්ක සතුටු වෙන හින්දා
මොකද අපි දෙගොල්ලන්ගේ බැදීම ලෙසියෙන් කඩන්න බැරි හින්දා
අපි උඹට අදරේ හින්දා ද
නෑ......
උඹ නැතිව මේ ලංකාව සුද්දන්ගෙ ඇස් රවටන හුදු දිවයිනක් නොවන හින්දා
ආදරේ බොරු වෙන්න ඇති ඒත් බැදීම ඇත්තයි
සමාවෙන්න ආත්මාර්ථකාමී උනා නම්

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.