Ads Top

" මනුස්සකම් ලේබලේ ... "



මාත් හැදුනේ උඹ වගේමයි

වෙනසක් නෑ
උඹේ ලේ රතුයි නේද?
මේ බලපන් මගෙත්
හැබැයි ටිකක් මෙහෙ බලපන්

උඹේ නළලේ ලේබලයක් අලෝලා

උඹ මුස්ලිම්ලු
කෝ උඹ හැරියන්
උඹ දමිළ ලු
එතකොට උඹ ?
උඹ කතෝලිකලු

වෙනසක් නෑ
උඹේ ලේ රතුයි නේද?
මේ බලපන් මගෙත්
හැබැයි ටිකක් මෙහෙ බලපන්

මෙන්න මේ ලේබලෙත් අලෝගනින්

මොකද්ද මේ ?

" මනුස්සකම "
කියලා ලේබලයක් බං

මාත් හැදුනේ උඹ වගේමයි

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.