Ads Top

" සි0හල ද නෑ නෑ සින්හල ... "



| අනූ පෙරේරා 

කලුතර බෝධිය ලන් වෙනකොට 
අපෙ අත් ඉබේම එකට එකතු වෙනවා , 
අපෙ උරපතු අපිටත් කලින් නැවෙනවා
මොකද පොඩි කාලේ ඉදන් අපිව පුරුදු කලා ඒ වැඩේට.

කවුද ?
මේ වයසක උදවිය
අපි නියෝජනය කරන්නේ තරුණ පරම්පරාවනේ
දෙනෝදාහක් ඉන්න අස්සක ඉදන් 
කලුතර බොධිය වදින්න " අපි " ලැජ්ජා නෑ ....
මොකද අපි තරුණ පරම්පරාවෙන්නේ 
අපි සින්හලයෝ කියලා මැරෙන්න හදන ජාතියක්නේ
අනිත් ආගම් බල්ලට ගියාවේ කියලා 
අපි අපෙ ආගම පරිස්සම් කරගන්න 
දත කට පූට්ටු කරන් පුපුරන උදවියනේ 

මෙහෙම මට කිව්වේ මගේ හිත 
මගෙ ඇස් නම් මට කිව්වේ මේ කතාව නෙවෙයි

කෝ අර මම හිතපු ,මම බලපොරොත්තු උන තරුණ ජවය ?

මගෙයි අම්මගෙයි සුදු මහත්තුරු දෙන්නෙකුගෙයි
 උපදේශක මහත්තයාගෙයි වඩේ වෙළෙන්දෙකුගෙයි 
උරපතු නැවෙනකොට ,අත් එකතු වෙනකොට 
උඹලා කලු ගඟයි මුහුදයි ලොකු කරගත්තා

ආගමට ( කලුතර බොධියට ) වඩා 
ලොකු කරගත්ත 
මහලොකු රසාස්වාදය ( ගඟයි මුහුදයි ) ...

අනේ උඹලටත් හරියනවනේ ...

Siththam Maya | Anu Perera. Powered by Blogger.