Ads Top

" මාර ගසකට පෙම් බඳිමි "


මා නුඹ කෙරෙහි අසීමිත ප්‍රේමයක පැටලී ඇත
ජීවි මම අජීවී නුඹ සමග
නැත නුඹ සජිවියි
නුඹ මම ප්‍රතිවිරුද්ධව
නුඹ cO2 උරමින්
නුඹ O2 හෙලමින්
මා O2 උරමින්
මා cO2 හෙලමින් 
මගේ නුඹේ බැඳීමක් ඇත
ආත්මීය බැඳීමක්
අපේ ආදර කතාව, #ඔහු #දැනුවත් 
නුඹට හැකිද මා දෙස ඇසිපිය නොහෙලා බලා සිටින්නට
මට හැකියි නුඹ දෙසම බලා සිටින්නට
නුඹේ වයස කීයද ?
100ක්? 150ක්? 200ක්?
ගැටළුවක් නෑ භක්තිය නැති වන්නේ නෑ
මට උවමනයි නුඹ වාගේ වෙන්නට
රූස්ස ගසක් වී සෙවණ දෙන්නට 
මම මම වෙන්නට
මහපොළවේ පය ගහල මහපොළවෙන් උඩට ඇදෙන්නට
මහපොළවටම සෙවණක් වෙන්නට
උපන් තැනට ගරු කරන්නට
උවනමයි නුඹ වාගේ වෙන්නට
අජීවී නුඹ
විශේෂයි මට විශේෂයි

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.