Ads Top

" ඔබ වේද ඔබ "


| අනූ පෙරේරා 

හුදෙක් ඇදහීමට ආගමක්ම නොවේ දාර්ශනික මග පෙන්වීමක් ගැබ් වී..

තනි මිනිසෙකුගේ සැබෑ ධෛර්ය උත්සුකයන් මත තනිව ගවේෂණ කොට ග්‍රහණය කරගන්න ලද ...
බලය නොව ආත්මීය නිදහසම දායාද කල ...
දෙවියෙක් නොමැවූ ලෝකය ...
හේතුවක්ම මැවූ ලෝකය ...
දෙවියෙක් නැති නොකළ ලෝකය ...
හේතුවක්ම නැති කල ලෝකය ...
ඔබම පිළිගන්නා ලෝකය ...
ඔබම ප්‍රතික්ෂේප කරනා ලෝකය ...
වෙනස් වීම මත කඩා වැටෙන ඔබම ...
දෙවියන්ට දෝෂාරෝපණය කරන ඔබම ...
කම් කටුලු බාධක මැද හඩා වැටෙන ඔබම ...
දෙවියන් ඉදිරියේම බැතිමතුන් වෙන ඔබම ...
සත්‍ය නොසොයන ඔබම ...
අදුරේ ඇවිදින ඔබම ...
අදුරට ශාප කරන ඔබම ...
වැරදි කරන ඔබම ...
වැරැද්ද අනෙකා පිට පටවන ඔබම ...
විටෙක සිනාසී විටෙක හඩයි ...
එකම කාසියක දෙපැත්තක් වූ ඔබම ...
සතුට පමණක් වැළඳ ගන්නා ඔබම ...
දුකට නොපුරුදු ඔබම ...
දුක හමුවේ පරාජිතයෙකු වන ඔබම ...
හේතුවක් නොමැතිව දොස් පවරන ඔබම ...

දිනෙක ඔබ වේද ඔබම ... ??? 

Siththam Maya | Anu Perera. Powered by Blogger.