Ads Top

" රු 05.00 < රු100.00 < රු 20.00 "



මහව මන්දගාමි දුම්රියේදී



හීන්දෑරී පුද්ගලයෙකි,
හැරී පෝටර් මෙන් පැළඳි කන්නාඩි කුට්ටම,
සුදු අත් දිග ෂර්ට් එක සහ සුදු සරම හැඳි 
70%ක් මට මාගේ මිය ගිය සීයා මතක් විය
කැඩි කැඩී ඇසෙන ඔහුගේ වියළි කටහඩ
ඔහු තම අසරණ තත්වය පැහැදිලි කරන්නට විය

ජැන්ඩියට හැඳි තරුණයෙකු 
තම පර්ස් එක විපරමින් නෝට්ටුව්ක් සොයනු දුටුවෙමි
මොණර කොළ 4ක් 5ක් අතරින් සොයා ගත්
සියයේ නෝට්ටුවක් ඔහු වෙත ප්‍රධානය කරන ලදි.
පර්ස් එක ඇද බැලුවද තිබුනේ ගෙදරින් ඒමට පෙර අම්මා දුන් රු200 ක් 
හා බස් එකට දීමට තවත් මාරු රු 20ක් පමණි.
රු 100ක් ඔහුට දීමට තරම් 
මා වත් පොහොසත් කාරයෙකු නොවේ,
කෙනෙක් ඔහු වෙත රු පහේ කැටයක් තැබීය
රු 5ක් දීමට තරම් මා ලෝභ‍යෙකුද නොවේ,
මා සතුව තිබූ වටිනාකමෙන් අඩු 
එකම නොට්ටුව වූ රු 20 ඔහු අත තැබීය.




| අනූ පෙරේරා 


Siththam Maya | Anu Perera. Powered by Blogger.