Ads Top

" රාවණ දේශය "


සත්තකින්ම මම රාක්ෂ ගණයේ අයෙකි
පියා මිනිස් ගණයේ
මව සහ සහෝදරයා දේව ගණයේ
මම රාක්ෂ ගණයේ
ඉතිං ?

මම ලැජ්ජා වෙන්න ඕනෙද දැන් ?
නෑ කොහෙත්ම නෑ මොකද මම රාවණා පරම්පරාවෙන්
මම රාමායණය අදහන්නෙක් නෙවෙයි
මම ශ්‍රේෂ්ඨ රාවණා නියෝජිතයෙක්
වීරත්වය මම දැක්කේ රාමාගෙන් නෙවෙයි ගරු රාවණාගෙන්

අන් අඹුවක් පැහැර ගැනීම වරදක්
ඔව් පිලිගන්නවා ඔහුත් අපි වගේම පෘතග්ජනයෙක් නේ
ලස්සන දේට ආසයි අයිති කරගන්න බලනවා

අනන්ත භාරත සිනමාවේ රාවණ අමු අමුවේ
උත්සවශ්‍රීයෙන් ගිනිබත් කරනකොට
කට ඇරන් උන්ට " කමෝන් " කියපල්ලා
යකෝ ගිනිබත් කරන්නේ අපේ කම , කළු සිංහලයාගේ රුහිරය

' සිතා මං ආවා ' නොදකින් විතරක් මේකත් චිත්‍රපටියක්ද ?
යකෝ රාවණා කියන්නේ කොමඩියක් නෙවෙයි
ඇයි උඹලම උඹලගේ වීරත්වය විහිළුවක් කරගන්නේ
භාරතය රාමායණයේ රාමා රජතුමන්
වීර්යාධික උත්තමයෙක් ලෙස විදහා පානවා
නමුත් අපි අපේ රාවණාව ලෝකයා ඉදිරියේ නිර්වස්ත්‍ර කරලනේ

දඬු මොණරා නිර්මාණය උනේ රාවණ යුගයේ
රයිට් සහෝදරයෝ ඉපදිලත් නෑ එතකොට

රාවණා කියන්නේ යකෙක් ?
නෑ රාක්ෂ ගණයේ කෙනෙක්,
රාවණා කියනකොට උඹලට ඇස් ගිනිබෝල වගේ,
ලොකු බඩක් තියෙන, ලොම් පිරි කළු හමක් තියෙන
කඩුවක් අරන් ඉන්න කෙනෙක්වද සිහි වෙන්නේ ?

රාවණා කියන්නේ එහෙවු පල් යකෙක් නෙවෙයි බොලව්

රජිතමය ආභරණ පැළඳි  මනා පෞර්ෂයක් හෙබි
අභිමානවත් දෘෂ්ටියක් හිමි තේජාන්විත රැවුලකින් මුව සැරසුන
ගාම්භීර ගමන් විලාසයක් සහිත ස්වස්තිකයෙන් සන්නද්ධ
තේජස් කළු සිංහලයෙක්
රාවණා මහරජ මගේ හිතේ ඉන්නේ මෙහෙමයි

යන්ත්‍ර මන්ත්‍ර සාස්තරේ ප්‍රගුණ කල අයෙක්
MBBS නැති ආයුර්වේද වෛද්‍යවරයෙක්
නගර නිර්මාණයේ අති දක්ෂයෙක්
කවුරුද ? ජපන්නුද ?
නෑ යකෝ මේ සිංහල හයිය මේ රාවණ හයිය

දේශද්‍රෝහී විභීෂණරාවණ සහෝදරයා
බලලෝභී සිහිමෘජාවත් සමග
ශ්‍රේෂ්ඨ රාවණ හුස්ම පොද රාම පැහැරගත්තා
සහෝදරයට වින කලේ සහෝදරයමයි
ඉන් ප්‍රයෝජන ගත්තේ පිටස්තරයනුයි 

උඹලා පය තියන බිම් අඟලක් ගානේ උඹලට අයිතියක් නෑ
මේවා අපේ ශ්‍රේෂ්ට රජවරුන්ගේ
බිමට නැවිලා ඉඹලා බලපන් මේ පින් බිමේ
සිංහල දාඩිය සුවඳ තවමත් තියෙනවා
වැඳපන් මේ දේශයට ගරු කරපන් මේ දේශයට
පර සුද්දා හිස් මුදුනෙන් අදහන උඹලා
රාවණ දේශයට ජාතක උනෙත් පෙර පිනකට කියලා මතක තියාගනිල්ලා

     









| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.