Ads Top

" චූටි තරුව "


" හිනා මලක් අරන් කුමාරයෙක් ඇවිත් 
  පියාපතක් අරන් කුමාරියක් ඇවිත් 
  ආදරේ තුරුල් වෙලා 
  තරු දිලෙනා අහස අපි 
  මල් පිපෙනා දෙරණ අපි
  මහමුහුද වටේ මුතු පවුර වගේ 
  තරු රෑන අගේ නිල් අහස අපේ  "

උඹලා මේ රටේ මොර දෙන සංගීතය හදයි 
ඔව් මට විශ්වාසයි 
කොහොමද දෙවියනේ මෙච්චර දක්ෂ උනේ ?
ලංකාව කියන්නේ දක්ෂයන්ගේ තෝතැන්නක්ද ?
මම ඔය වයසේදී හරියට වචන කියාගන්නත් බෑ 
වචන මතක හිටියෙත් නෑ 
එත් පැටවුනේ උඹලා ?
කොහොමද සිංදුවක පද වැල් මතක තියාගත්තේ ?
කොහොමද කිසිම අඩුවක් නැතුව ස්වර තන්ත්‍ර ගලපන්නේ ?
චූටි බට්ටෝ වේදිකාවේ ලොකු ලොකු වැඩ කරනවා 
ලොකු අපි චූටි බට්ටෝ වගේ අප්පුඩි ගහනවා 
නුඹට කල්හාර අභාෂය හිමියි, නුඹට ඉන්ද්‍රචාප අභාෂය හිමියි 
එතකොට නුඹ අමරදේවයන් ගෙන හැර පායි 
නුඹ වේදිකාව නුඹගේ කරගනියි 
නුඹ අපේ හුස්මත් හොරකම් කරයි 
පුතේ අපිට නුඹේ හඬ වශියක් වෙලා 
කොහොමද ගැලවෙන්නේ ?
ප්‍රතිකර්ම ඕනේ නෑ මේ වශියට අපි කැමතියි 
පුතේ නුඹ ගයනකොට පොඩ්ඩක් අම්මා අප්පච්චි දිහා හැරිලා බලන්නකෝ 
අප්පුඩි ගහන අත් දෙක පපුවට තුරුල් කරන් 
නුඹට වැඳගෙනද ? ඔව් පුතේ 
නුඹේ ගායනයට වැඳගෙන, 
ඇස් වල කඳුළු පුරෝගෙන 
නුඹේ දස්කම් වලට දෙවියන්ට පිං දෙනවා 
පුතේ ඔය වැඳගෙන ඉන්නේ දෙන්නට ගරු කරපන් 
උඹට කවදාවත් වරදින්නේ නෑ 
    - දෙරණ ලිට්ල් ස්ටාර් බලන මොහොතක -

" ගයමු ගීයක් දැන් අපි නිදහසේ 
 නොගැයූ ලෙස කිසිදා ඔබේ ජිවිතේ "

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.