Ads Top

" මං පවු "


#Software #Engineers
ලා කියන්නේ පුදුම අසරණ මිනිස්සු කොට්ටාසයක්

මගේ කාමරේට ඔළුව දාන හැමෝම හිතන්නේ මම බොරුවට මේ ඉස්ක්‍රීන් එක දිහා ඔටවන් ඉන්නවා කියල

අම්මා අහනවා,
" ගෙදර මෙච්චර වැඩ තියෙන කොට ඕකේ එල්ලුනාම හරිද " කියල
මමනේ දන්නේ බොරුවටද ඇත්තටද ඉන්නේ කියල

තාත්තා අහනවා,
" මනුස්සයෝ පිස්සෙක් වෙන්නද හදන්නේ "කියල
මමනේ දන්නේ පිස්සෙක් වගේ වැඩ කලේ නැත්තම් වයිවා එකේදී මොකද වෙන්නේ කියල

අයියා අහනවා,
" ෆේස්බුක් එකේද පාඩම් කරන්නේ "කියලා
මමනේ දන්නේ ෆේස්බුක් එකෙත් සමහර ඉගෙන ගන්න තැන් තියෙනවා කියල

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.