Ads Top

" ගණිකා මව "


නුඹේ භූමිකාව විවාදාත්මකයි
හොඳක් කියන්නද නරකක් කියන්නද
ආසා ගත් නරක එමටයි
නමුත් මම දකිනා සැඟවුණු පැතිකඩය ?
ගෙන හැර පාන්නද ලොව ඉදිරියේ ?
නුඹට පිළිසරණක් වේවිද එය ?
කාමතුරයන්ගෙන් බේරේවිද නුඹ ?
ලෝකයා මාගේ තර්කය නොතකාවි නේද ?
නුඹට දරුවෝ නැතිද ?
අම්මා කෙනෙක් නොවේද නුඹ ?
කිරි එරුනෙම නැතිද නුඹට ?
කාමාශාවන්ගෙන් පිරුණු අයෙක් ද ?
නැත මා පිළිගන්නේ නැත
නුඹ දියණියක් , සහෝදරියක් , බිරිඳක් , මවක් , ඇතැම් විට මිත්තණියක්
නුඹට පට්ටම් රාශියක් හිමියි
නමුත් තවම එදා රස්සාවමයි
නුඹේ දරුවන් මුණුපුරන් නුඹට ශාප කරති
නුඹව සමාජයටත් කලින් ඔවුන් පිළිකුල් කරති
අඩත්තේට්ටම් මැද්දේත් නුඹ පරණ රස්සාවෙමයි
නුඹ ලෝක දහමට අනුගත වෙලා
හම රැලි වැටිලා හනුවක දතක් දෙකක් අඩුවෙලා
එත් නුඹේ කොණ්ඩා මෝස්තරය
පාට කල ඇඟිලි තුඩු , පාට කල දෙතොල්
වෙනස් නෑ අදටත්
අදටත් නුඹ ටවුමේ ප්‍රසිද්ධ ගණිකාව
ඇයි නුඹේ ඇස් අග කඳුළු ?
නුඹේ දරුවන් නුඹේ මුණට කෙළ ගසා යන නිසාද ?
හඬන්න එපා දරුවන්ට අමතකයි
උන්ගේ තාත්තා පිට ගෑනු ගෙදරටම එක්කගෙන ඇවිත් නටපු නාඩගම්
සල්ලාල මිනිහගෙන් ගුටි කාපු හැටි උන්ට අමතකයි
කණමදයා වගේ ගෙදර ආපු හැටි උන්ට අමතකයි
දන්කුඩ විතරක් තියෙනකොට එය රසට අනලා කවලා
නුඹ බඩගින්නේ ඉන්නවා උන් දැක්කේ නෑ
පොඩි පුතා බයිසිකලේ, කොම්පියුටරේ , ඉල්ලලා මොර දෙනකොට
ලොකු දුව ඇඳුම් ආයිත්තම් ඉල්ලලා මොර දුන්නා
උන්ගේ ආසාවන් එකිනෙක හැබෑ කරන්න කෝ සල්ලි ?
මොන බැංකුවෙන්ද නුඹ වගේ දාසියකට ණය අනුමත කරන්නේ ?
රෑ එළි වෙනකම් කල්පනා කළා
අහස පොළව ගැටගහන තරමට කල්පනා කළා
එළි වෙන්න ඔන්න මෙන්න තියලා නුඹේ මුණේ
බලාපොරොත්තුවක සේයාවක් දැක්කා
අධිෂ්ඨානශීලි බවක් , තරහවක් අඩ අඳුරේම නුඹේ මුවින් දැක්කා
හිත තද කරගෙන නුඹ
සියදිවි නසාගන්නට තීරණය කලාද ?
මිනීමැරුමක් ? සොරකමක් ?
නුඹේ අදහස ගුප්ත බවින් පිරිලා
නුඹ තීරණයක් අරන්. තෙවැනි පාර්ශවයක් දුක් නොවන තීරණයක් අරන්
ලොව මිලෙන් අධිකම සැපයුමට ඉල්ලුම බාල්දු නොවූ
සමතුලිත අහලකවත් නැති වෘත්තියක්
මිල කොපමණ ඉහල ගියත් සැමදා අධි ඉල්ලුමක් පවතින වෘත්තියක්
සමාජය ගරු නොකරන පිළිකුල් කරන වෘත්තියක්
තෙවැනි පාර්ශවයට දුකක් නොවී තාවකාලික සතුටක්
දින දෙකෙන් නුඹ දරුවන්ගේ සිහින හැබෑ කළා
සුමුදු සයනේ ගිනියම් කාමාතුරයෙක් හා සිතින් ගතින් දුක් වින්දා
උන්ගේ හිනාව දුක් විඳින්නට ශක්තියක් වෙලා
උන්ට හොඳට ඉගැන්නුවා
නුඹ උන්ගේ අම්මා කියලා ලෝකෙන්ම වසන් කරලා තිබ්බා
නුඹ ඒ රස්සාවට පුරුදු උනා
දරුවන්ට ලජ්ජාවක් නොවන තැන ඉදන් නුඹ රස්සාව කළා
නුඹ දැන් වයෝ වෘද්ධයි එත් කෝ එදා හිටි පොඩි උන්
උන් ? ?

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.