" පොදුවේ කියමි "


"මචං"
"ම්ම්ම්ම්"
"උබ තරහින්ද ?"
"ඇයියේ ?"
"ඊයේ මම අර උබලගේ තාත්තට මොකද්ද කියල උබ මට ගහන්න වගේ බැනගෙන බැනගෙන ගියේ"
"අහ් තාම ඒක හිතේද?"
"නෑ බං මට ගෙදර ගියාම හිතුනා මම වැරදියි කියලා"
"කමක් නෑ .මගේ තරහ නම් තවම තියෙනවා. මොකද උබ මගේ තාත්තටනේ අනම්මනම් කිව්වේ. මචං මම තාත්තට පණ වගේ බං. එයාට මොනවා හරි කියනකොට මගේ ලේ රත් වෙනවා. අනික මගේ කියලා ඉන්න එවුන්ට වචනෙකින්වත් බනින්න මම ඉඩදෙන්නේ නෑ"
"ඔව් මටත් ඔහොම තරහ යනවා හැබැයි උබට තරම් නෑ"
"සන්තෝසයි"
"හා... මේ"
"මොකෝ ?"
"උබට ඇයි අරයට සර් නොකියා කට්ටිය අයියා කිව්වම තද වෙන්නේ ?"
"මෙහමනේ බං මම උනත් ක්ලාස් වෙලාවේදී සර් කියලා කතා කරන්නේ.උබටම ඇහිලා තියෙනවනේ.ළමයෙක් උගන්නන ගුරුවරයාට නම්බු තියලා කතා කරන්න ඕනේ.මම නම් අම්මා මගේම පංතියේ ක්ලාස් ටීචර් උනත් එයාට ටීචර් කියනවා."
"හරි ක්ලාස් එකේ ළමයෙක් නෙවෙයි නම් ?"
"එතකොට අහවල් එකකටද බං සර් කියන්නේ ? මෙහෙමයි මම මගේ කියල උන්ව එක ලෙවල් එකක තියන් ඉන්නවා. කවදා මොන දේ වුනත් එයාලා ඒ තැනම තමයි. උබ අපේ තාත්තට බැන්නේ එතකොට මම තාත්තව තැනක තියාගෙන කතා කරා නේද? මගේ නොවන එකෙක් උබට බැන්නොත් මාත් එක්ක උබව අර ලෙවල් එකේ තියලායි මම කතා කරන්නේ. ගෙයි ප්‍රශ්න ගෙයි විසඳ ගත්තනම් ඉවරනේ කතාව"
"අනේ මන්ද උබේත් තියෙන්නේ රැඩිකල් අදහස් බං"
"හඃ හඃ ගොනාට වගේ තේරුණා නෙහ්"
"අහ්හ් මේ"
"ඇයි වදේ ?"
"අර මම කාටවත් කියන්න එපා කිව්ව එක තරහ වුනු වෙලාවේ උබ කිව්වද හැමෝටම?"
"ආයේ මගුලක් කියනවා. මම උබට ප්‍රොමිස් කිව්වනේ. මම ඒ වචනේ රකිනවා. බෙල්ල ගහලා ගියත් කෙල පොදක් හලන්නෑ. එත් මට මිනිස්සු ගැන කලකිරිලා තියෙන්නේ බං"
"ඒ ඇයි ? අවුලක් නම් කියපං"
"වචනේටත් ස්තුතියි යාළුවා. මිනිස්සු මට රකින්න කියලා පොරොන්දු දෙනවා. කාටවත් කියන්න එපා. කිව්වොත් නම් මට මැරෙන්න තමා වෙන්නේ,කිව්වොත් නම් මගේ කසාදෙත් ඉවරයි, මේ නංගි මේ ගැන අපේ නංගිට නම් කියන්න එපා, ඔයයි (තවත් අයෙකුගේ නමක් සඳහන් කරයි) විතරයි දන්නේ....මේ වගේ ගොඩාක් කතන්දර කියලා යමක් මගේ කනේ තියනවා.ඊටපස්සේ මම ඒ පොරොන්දුව ජිවිතේ තියෙනකම් රකිනවා.සමහර වෙලාවට  ඔය
රහස් රකින වැඩේ නිසා අභ්‍යන්තර ගැටළුත් ඇති වෙනවා. එත් මම රහස ඔළුව උඩ තියාගෙන. මම එහෙම ඉන්නකොට රහස් දීපු මිනිස්සුන්ට රහසත් අමතකයි"
"මටත් හින්ට් එකටද කිව්වේ ?"
"හින්ට් එකක් නෑ මම කෙලින්ම කියලා දැම්මා. කරුමේ කියන්නේ දවලෙත් වැටුන වලවල් වල හිත හිතාම වැටෙන්නේ ඇයි මම කියලා. මගේ හිත හොඳ වැඩි බං . ඒකමයි වර්ණනා කෝටියක් අස්සෙත් කුණු කතා දෙක තුනක් අහගන්නේ"
"ඕවා සාමාන්‍ය දේවල් බං"
"වෙලාවකට හිතෙනවා ඕන පැත්තකින් කෙලවිලා පලයන් කියලා මගේ ඇඟ බේරන් කේලම් ටික ඔක්කොම කියලා දාන්න"
"උබ ඔය එක එකාගේ කේලම් අහන්නේ නැතුව හිටපං ඉතිං"
"මම එක එකාගේ කේලම් නම් අහන්න යන්නේ නෑ. හැබැයි මගේ කියන වුන්ගේ වේදනාව අහගෙන ඉන්නවා. අසරණ මනුස්සයෙක්ගේ දුකක් අහනවා උන්ට හොඳක් වෙනවා කියලා හිතෙන ඕන ගිනිගෙඩියක් කරනවා. හැබැයි උබලා කවදාවත් මගේ වේදනාව දන්නේ නෑ. මොකද වේදනාව උහුලන්න මට ඉතුරු වෙන්නේ මායි මගේ අම්මයි විතරයි"

ක්‍ෂණයෙන් යාළුවා මා වැළඳගෙන,"සමාවෙයන් බං"
"තරහ අඩු වෙන්න ටික කාලයක් යයි. හැබැයි උබෙන් අබ මල් රේණුවක තරම්වත් මම පළිගන්නේ නෑ. හැමදාම හිනා වෙලා කතා කරනවා. මම තරහින් නෑ. එත් හිත තරහින්. එයාට ටික කාලයක් දෙන්න උබ එක්ක ආයේ යාළු වෙන්න"

| අනූ පෙරේරා 

Share on Google Plus

About Anu Perera

Anu Perera is an Author by publishing her first novel "HIKO". Anu has written more than 70 of articles to Siththam Maya Blog and has shown her colors to the readers. Some of Her articles smell radicality while giving a message to the whole society.
Post a Comment