Ads Top

" ගමෙන් සිදාදියට "



ගමෙන් ආපු කෙල්ල නුඹ 

කැම්පස් හීනෙ හැබෑ කරගන්නට 

බලාපොරොත්තු පොදි බැඳන් ආවේ නුඹ 
කාගේද ?
අහිංසක නුඹේ, 
රත්තරන් අම්මගේ , රත්තරන් තාත්තගේ
දින ගෙවුනා සති ගෙවුනා 

මුල් පෙළ තනියෙන් උන් ගොඩේ කෙල්ල 
කෝ ?
මැද පෙළ යහළුවන් දෙතුන් දෙනෙක් සමග 
නුඹට පන්හිද අමතක වීද ?
කම් නැත නුඹේ අරමුණ මතක තබාගන්න 
කඩා හැලුන දිගට දිගේ තිවු සාය 
දැන් දනිහේ ගාවට 
කම් නැත නුඹේ අරමුණ මතක තබාගන්න 
මැද පෙළ උන් නුඹ ?
පසු පෙළෙහි යහළුවන් රොත්තක සමග 
පන්හිද වෙනුවට ස්මාට් ෆෝන් එක 
දනිහේ ලග තිවු සාය දනිහටත් උඩට 
ගොඩේ කෙල්ල මොඩ් වී 
දැන් නුඹ ලස්සන කෙල්ලක් 
නෑ නුඹ සරාගි කෙල්ලක් 
පරිස්සමින් 
සල්ලාලයෝ හැමතැන 
පසු පෙළ උන් නුඹ 
අද පංතියේ නොවුනි 
කෝ නුඹ ?
නුඹ කතා කරමින් 
කා සමගද ?
නුඹේ කුළුදුල් පෙම්වතා සමග 
කනට කරාබුවක් දැමු පච්චයක් කොටා ගත් 

බාටා කෑලි දෙකක් දමා ගත් නුඹේ පෙම්වතා
නුඹ ලෝකයක් කියා පෙම් කරන නුඹේ පෙම්වතා 
නුඹේ අතින් අල්ලාගෙන 
දෙමසකින් උසස් පෙළ නේද ?
ඔහු ඉදිරියේ විභාග කුඩු උනාද ?
වෙනද කතා කරන තැන මාරු වෙලා 
පාර්ක් එකේ නුඹ ඔහු හා පෙමින් දැවෙන අයුරු 
ඔහු හිස නුඹ ලය මත 
සුරතල් අවසානද ?
අද පාර්ක් පාළු වී නුඹ කෝ ?
නුඹ ඔහු සමග 
වෙයිටින් ලිස්ට් එකේ නුඹ ඔහු සමග 
පැයක් සතුටු වෙන්නට 
නුඹේ වටිනාකම ඔහු ඉදිරියේ බාල්දු කරමින්
කාමරයක් හිස් වනතුරු නුඹ ඔහු සමග
මතකද නුඹට මුල ?
ගමෙන් ආපු කෙල්ල නුඹ 
කැම්පස් හීනෙ හැබෑ කරගන්නට 
බලාපොරොත්තු පොදි බැඳන් ආවේ නුඹ 
කාගේද ?
අහිංසක නුඹේ, 
රත්තරන් අම්මගේ , රත්තරන් තාත්තගේ 



| අනූ පෙරේරා 


Siththam Maya | Anu Perera. Powered by Blogger.