Ads Top

" තේජාන්විත කැලෑ තුරඟුන් වෙත "


මිහි පිට මා වඩාත්ම ආදර සත්වයා
කෙනෙකු හස්ති රජකුට ප්‍රේම කරද්දී
තවත් කෙනෙක් සුනඛ ප්‍රේමියෙක් විය හැක
පෘතග්ජනයෙක්
මා සියලුම සත්වයන්ට එක හා සමානව ආදරෙයි
කිව්වත් සුවිශේෂී එකෙකු ඇත
තුරගෙකු මා හට විශේෂයි
#spirit #stallion
මා ආදරෙන් වැළඳ ගත්තේ ඒවායේ අශ්වයෙකු
නිරුපණ කටයුතු  කරන නිසාවෙනි
බොහෝ විට මා කැමැති කැලෑ අශ්වයන්ටයි
ඔවුන්ගේ වේගයට , හිතුවක්කාර ගතියට
නිදහස් ගතියට , කේන්ති කාරී ගතියට
බොහෝ ඇලුම් කරමි
" අස්ස කුලප්පුවද " ළමයෝ
පොඩි කාලේ මට හොඳට හුරු වචනයකි
මම හරි කැමති වචනයකී 
මොහොතකට හෝ අශ්වයෙකු වී බලන්නට ආශා කරමි
පේන තරම් ජීවිතය නිදහස් බැලීමට අවශ්‍යයි
වෙරළ තීරයේ සුළං කපාගෙන
කරදිය පෙණ කැටි දෙබෑ කරගෙන
එක හුස්මට දුවන්න ආසයි
මිනිස් ඇසුරකට වැටුනොත්
මුඛ වාඩමක් දාන්නට දෙන්න එපා
තෝන් ලණුවකට හුරු වෙන්නට එපා
නුඹ වෘත්තිකයෙකු ලෙස පෙනේවි
නුඹ කැලෑ සතෙක් විදියටම ඉන්න
මට නුඹ පෙනේවි තේජාන්විතව
සිංහ පෝතකයෙකුටත් වැඩියෙන්

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.