Ads Top

" ස්ටැටික් සිහින "


මා ගොඩ නගා ගත් සුවිසල් සිහින 
ආවාට ගියාට නොදැක්කෙමි 
හැඩයෙන් හැඩයට පාටෙන් පාටට කල ගැලපීම්
ඉන් බහුතරයක් මට සිහිනම වී ඇත
ඇස් පනා පිට ගරා වැටෙන සිහින අත්දැකීම මට හුරුය
මා ධනේශ්වර පංති නියෝජිතයෙක් නොවීම එයට හේතුවයි 
ඔබ සැමට වඩා දශමයකින් හෝ මා සිත ශක්තිමත්
සමහර විට නුඹ සැමට වඩා මා වාසනාවන්තයෙක් වන්නට පුළුවන
අහිමි වීම සම්බන්ධයෙන් මා අත්දැකීම් විරහිතයෙක් වන්නට පුළුවන
අදටත් දෙමව්පිය අඩුවක් නැතුව අංග සම්පුර්ණව
ඔවුන් මට ජිවිත වාතාවරණය මා බලාපොරොත්තු වූවාටත් වඩා
ලබා දෙන නිසා මා මටම අවාසනාවන්තයා 
යැයි දෝෂාරෝපණය නොකරම්
නමුත් මා විසින්ම ගොඩ නගා ගත් සිහින
එහි බිඳුණු සිහින අතර මා අවාසනාවන්තයි
සිතත් අසරණ වන විට උඩ පැන පැන මාවම අසරණ කරයි
පණ ඇති නැති ලෙස වර්ග කොට ආදරය කිරීමට මා නොදනිම්
' මාර ගසකට පෙම් බැඳීම ', ' කැලෑ තුරඟුනට පෙම් කිරීම '
මාගේ ප්‍රසිද්ධ ආදර කතා වේ
සිහින කොන් අස්සේ අට ශ්‍රේණියේ සිට පෙම් කල
' ඇලියොන්/අව්‍ඩි සිහිනය ', ' ටැබ්ලට් සිහිනය ' හා
' සොෆ්ට්වෙයාර් ඉංජිනේරු සිහිනය ' අදටත් මා සිතු අයුරින්ම
සිතෙහි ස්ටැටික් කොට ඇත
සිහින තුලත් ඒවාට නීති පැවතුනි, මහා ලොකුවට නොවේ
මා කෙදින හෝ ' මාගේම මුදලින් ' මිල දී ගන්නා
නැවත මතක් කරන්නම්, ' මගේ මුදලින් ' මිල දී ගන්නා
ඇලියෝනය හෝ අවුඩිය රතු වර්ණයෙන් විය යුතුයි
ටැබ්ලට් පරිඝනකය සුදු වර්ණයෙන් විය යුතු අතර
එහි පව්චය දුඹුරු පැහැති විය යුතුයි
LG G PRO Lite සිහිනයක් සැබෑ කොට
මා තවත් පැතිකඩයකින් ආදරවන්තියක් කල අයෙකි 
යන එන විට සිතැඟි දේ කොටන්නට අද මට G PRO අහිමියි
නුඹව දෙන්නට සිත බෑ කියද්දීත් නුඹට මා දමා යන්නට බෑ කියද්දීත්
නුඹටත් මටත් වෙන් වන්නට සිදු වුනා
බලමු නුඹේ ක්ලොනයක්වත් ගන්නට
නුඹට සම කරන්නට බැරි වේවි නමුත්
බලාගන්නම් සෙනෙහසේ අඩුවක් නොදෙමින්
මදක් සමාවෙන්න අග්‍රස්ථානය නුඹ කිසිවකුටත් හිමි නොවේ
නුඹ බොඳ වීමේ බොඳ නොවීමේ 
සම්භාවිතයක් සහිතව මා සමග ජිවත් වෙයි
දිනෙක මාගේ දෑස් තුලින් ඔබ මගේම ලිපි කියවයි,
මාගේ සිරුරේ කොටස් තුලින් ඔබ දිගු කල් ජිවත් වේවි,
දොස්තර නෝනෙක් දොස්තර මහත්තයෙක් වෙන්නට සිහින මවන ඔබ
මාගේ අඩු සිරුරු කොටස් සහිත දේහයෙන් යමක් ඉගෙන ගනීවි,
හෙලනා අවසන් හුස්මත් ජිවත් වෙන්නට පොරබඳින 
ඔබටම දෙන්නට මා සුදානම්
ගන්න මා දෙන්නට කැමති සෑම දේම ගන්න
එයයි මා මූලික තැන දෙන එකම සිහිනය
අයදින්නම් ඔබෙන් කිසිදින මාගේ සිහින සොරාගන්නට එපා
සිහින සිහින ලෙසම බොඳ උනාවේ සොරාගන්නට එපා
කිසිදා අහිමි නොකරගන්නා සිහිනය
ස්ටැටික් ෆයිනල් සිහිනය

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.