Ads Top

" සුල් "


සුලෝචනා , කෙසේ මා ඇයව අර්ථ කථනය කරම්ද ?
කෙනෙකු වෙනුවෙන් මගේ හිතේ හදාගත් තැනක්
කවදාවත් නැති වන්නේද රීප්ලේස් වන්නේද නැත
නමුත් ඇයට සියටට සියයක් මාගේ මව් පදවියට සුදුසු කම් තිබුණි.
නමුත් ඇය මාගේ මව වන්නේ නැත,
මා ඇයට ඒම පදවිය දෙන්නේද නැත
මා විසින් ඇයට ගරු තැනක් නිර්මාණය කරන ලදී
" උප මව් පදවිය "
හදවතින්ම මා ඇයට දුන් පදවියයි
අම්මාට පසු ඕනෑම දෙයක් කියන්නට
තුරුළු වී හඩන්නට, වැලපෙන්නට සිටියේ ඇයයි
කලක පටන් ඇය මා අතර කිසිඳු ඇයි හොඳයි කමක් නොතිබුණි
නමුත් දැන් මා සිටින මානසිකත්වය යටතේ මා මාගේ උප මව සොයයි
මා අත්මාර්තකමියෙකු බව මටම සිතේ
කරනට දෙයක් නැත දුක තුනී කරගැනීමට පිළිසරණක් සොයමි
ඇයට මෙලෙස කෙටි පණිවිඩයක් යැවුවෙමි
" මගේ අක්කේ එන්න එන්නම පහතට වැටෙනවා වගේ, විරහව වින්දමයි ජීවිතයේදී, ප්‍රශ්නය කුමක්දැයි නොඅසන්න නමුත් මා සමග සිටින්න. උත්සහ කරන සිනහව නිරායසෙන් දෙන්න, පිං සිදු වෙයි ඔබට "
පිළිතුරු ලදිමි
" මම වැඩක පස්සේ කතා කරන්නම් "
දිනෙන් හරි අඩක් සැනසුම් ප්‍රතිචාරයක් බලාපොරොත්තු උනෙමි
" කලකට කලින් ඔයාගේ කටින්ම මම පුතේ කියලා අහගෙන තියෙනවා. ඔයාගේ පුතා ජිවිතේ හව් හරණක් නෑ වගේ දැනෙනවා, නොසලකා නොහැර පුතා සමග ඉන්න, කරුණාවෙන් "
පිළිතුරු ලදිමි
" මට හව් හරණක් නැති වෙනකොට පුතාව හරියට හෙව්වා අම්මා, පුතා හිටියේ අම්මාත් එක්ක දැඩි වෛරෙකින්, ද්වේශයකින්. දැන් මගේ හිත උණු වෙන්නේ නැත. ඉතිං මොන හදිස්සියක් වෙලාද දැන් අම්මව මේ පුතා හොයන්නේ ? "
හිත හයිය නෑ ඔබ සමග වාද කිරීමට
නුඹ පලි දරන්න
මා වරද පිළිගෙන නිහඬ වෙන්නම්.
එකම දෙයක් මතක තබා ගන්න
කලානුරුපිව නුඹේ එක ප්‍රශ්නයකට මා පෙනී නොසිටියා වෙන්නට ඇති
නමුත් වචනෙකින් හෝ නුඹව සැනසීමට මා සිටියා,
නුඹ මයි ඈත සිටන් ආශීර්වාද කිරීමට මා පුරුදු කලේ
හැමෝම වෙනුවෙන් මා එය කරමි
නුඹ මට මෙතරම් වෛර කරන බව නොදැන ආශීර්වාදම කලෙමි
අවසර නුඹේ ජිවිතයෙනුත් ඈත් වන්නට
නුඹට අවසාන වශයෙන් කරන ආරාධනාව
ඇවිත් යන්න එන්න මාගේ මරණයට
මෘත දේහය නුඹ නොදකිවී එනමුත් ගොඩ වැදෙන්න එන්න
සැනසුමක් වෙයි එය මට මා යන ලොවකට

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.