Ads Top

" මදකට අවසර "


| අනූ පෙරේරා

- වචනයක් වචනයක් ගානේ මවාගන්න ඔවුන්ගේ කටුක ජීවිතය. මොහොතක් දෑස පියාගන්න. හිතන්න මෙය නුඹේ කාරුණික හදට නොදැනුනා නොවේද කියා ? -

කාර්යබහුල නුඹේ ජිවිතයෙන්
මට මිනිත්තු දෙකක් දෙනවාද ?
වටිනා දෙයක් කියන්නට හා පෙන්වන්නට
එහෙනම් දෙන්න මටත් මදකට අවසර,
කෝ දෙන්න නුඹේ දෑත
බය නැතිව එන්න මාත් සමඟ
නෑ නෑ BMW ඕනි නෑ මේ ගමනට
ටික දුරයි පයින් යමු
මේ ගාලු පාරෙන් එහාපැත්තට
කොලොම්පුරය දෙකඩ කලේ මේ ගාලු පාර ද ?
නුඹට දෙන්න පුටුවකවත් නැත ඔවුන්ට
බිම වාඩි වෙමු නේද ?
නුඹ ගොඩ නගා ගත් සමාජ තත්වයට මදි කමක්ද ?
AC නැතුව තැම්බෙන ඉස්සෙකු සේ නුඹ
' මල්ලී විදුලි පංකාව නැද්ද ? '
' අනේ නෑ නෝනා, අපිට කොහින්ද ඒවා '
ඇහුනද ? මෙයාලගේ ජිවිතත්
මුහුදේ දෝලනය වන රළ වාගේ
ආදායම් බද්දට අසු වන නුඹේ ලාභයෙන්
මහ මෙරක් නොවේ එක රුපියල් පන්සියයක්
මේ ජිවිත වෙනුවෙන් දෙන්න පුළුවන්නම්
දවස් දෙකක් බොහොම ලෙහෙසියෙන් ගැටගසා ගනීවි
කැළණි පාලම යටින් පොල් ලෙල්ලක
ගියාක් මෙන් දැනේවි නුඹට මුදල 
Club හී Pub හී එක රැයට
සුණු විසුණු කරන ලක්ෂ ගණනින්
යමක් කරන්න හැකි නම්
මේ පණ අදින මුඩුක්කු ජිවිත වලට
Branded Vodka හිස් කරන නුඹට
හැකිනම් ඉගෙන ගන්න දත කන
මේ පොඩි පැටවුන්ට ආලෝකයක් වන්නට
ඔවුන් නුඹව අදහාවී දෙවි කෙනෙකු ලෙසට
නුඹ බිරිඳට හොරා අන් අඹුවන් හා යහන් ගත වනවිට
නාඩගම් එමට නටන්නට වෙලාව ඇති
මේ බිරින්දෑවරුන්ගේ පතිවත ඉහටත් උඩට
මැටි ගහපු පොලව, ටයිල් නොකළ පොලව
ලෑලි ගහපු බිත්ති , කොන්ක්‍රීට් නොකළ බිත්ති
ඉටිරෙදි ඇඳි වහල, සෙවිලි නොකළ වහල
නුඹේ පපුව ගැහෙනවා , ඇයි ?
කුරිරු නුඹට මෘදු හදවතක් හිමි නිසා
ඔවුන්ගේ අසරණකම
නුඹව සංවේදීබවේ උපරිමයට ගෙනයන නිසා
නුඹ නරකෙකු නොවේ
හිතන්න !!!
නුඹේ එක් සිතුවිල්ලකින්
මේ ලෝකය වෙනස් කල හැක

       - SlumDog Millionaire හා Jai Ho නැරඹීම අවසානයේ සිතට දැනුණු සිතුවිල්ල. මතක තබාගන්න සිනමාවෙන් එහා ලෝකයේ මේ චරිත ඕනෑ තරම් ජිවතුන් අතර සිටින බව.

Siththam Maya | Anu Perera. Powered by Blogger.