Ads Top

" කාඩ් + කුඩු "


 | අනූ පෙරේරා 

' සිරි ලංකාව '
බුදුන් වහන්සේ තෙවරක්ම වැඩි දේශය
කුසල් උපරිමයෙන් රැස් කල මිනිසුන් වෙසෙන දේශය
නමට විතරද ?
කෝ වැඩ ?
අන්‍යාගමිකයන්ට බනින වෙලාවේ
තමුන් නියම බෞද්ධාගමිකයෙක් කියලා පෙන්නපල්ලා
කටින් නෙවෙයි වැඩ වලින්
සිරි ලංකාව මළ උන්ගේ දේශයක් කරන්නේ අපිමයි
රේගුව, මම බොහොම ගරු කරන දෙපාර්තමේන්තුවක්
නමුත් උඹලා අල්ලන කුඩු
ඇයි ප්‍රසිද්ධියේ,
මේ මහජනතාව ඉදිරියේම විනාශ නොකරන්නේ ?
කුඩු අච්චර ඇල්ලුවා මෙච්චර ඇල්ලුවා
කටින් බතලද ?
කෝ උඹලා අල්ලපු රෙද්ද ?
උඹලට කියලා වැඩක් නෑ
මේවා මහ උන්ගේ වැරදි
මහ උන් ප්‍රසිද්ධියේ ජරාව කනකොට
උඹලා කොහේ හැදෙන්නද ?
යකෝ මේවා සල්ලි වලට හුවමාරු කරන්නේ
OL, AL පොඩි උන්
පාසල් ජීවිතෙත් උඹලා උකසට ගත්තද එහෙනම් ?
කමක් නෑ කමක් නෑ
උන්ගේ ජීවිතේටත් මිලක් ලැබෙනවනේ දැන්
මහ තැනේ කොන්ද ශක්තිමත් උනා නම්
අදටත් මේ දේශය ප්‍රෞඩත්වයෙන් පිරුණ දේශයක්
යූ ටියුබ් ඔන්ලයින් මහ තැනෙ ජව්සන්
ඔන්න උඹලගේ හෙළුව පේනවා
දැන් වත් වහගනිල්ලා
තමන් තමන්ව හදාගනිල්ලා
එතකොට රට හදන්න ඕනි නෑ
රට හැදේවි ඉබේටම
එක්කොත් උඹලා කරගත්තු පිං හොඳටම ඇති
පරම්පරා ගාණක්ම ගොඩ නෙහ්
අනේ සාධු !!!
බුදුන්ට එකතු කරන අත් උඹලට එකතු කරන්නේ
මේ අනුකම්පාවෙන් ඊළඟ ආත්මෙට
උඹලට කුසල් ටිකක් එකතු වේවා කියලා
ඔහොම යන්කෝ .....
අනේ නොදකින් උඹලටත් හරියනවනේ

Siththam Maya | Anu Perera. Powered by Blogger.