Ads Top

" හැටන් සිරිය vs මිනිසත්බව "


| අනූ පෙරේරා

මා ජිවත් වන්නේ මායාවක් තුලද ?
ලක්දිවම මායාවක්ද ?
නැතිනම් මෙය සිහිනයක්ද ?
මේ සිහිනය තුලම මියැදුනත්
මා අවසනාවන්තයෙකු වන්නේ නැත
සිරි ලංකාව යනු හුදු අපිව සිහිනයේම සතපන
මායාකාරී දිවයිනකි
ඔව් ඉන්ඩියන් සාගරයේ මුතු කැටය
කන්ද උඩට ශ්වේතය මිශ්‍රිත හරිතාවර්ණිත
කන්ද පල්ලමට නීල වර්ණිත
නෙතට වශියක් කලාක් මෙන් ඇඳ බැඳ ගන්නා උදාර දේශය 
' හැටන් ' මා ජිවිතයේ වඩාත් ඇලුම් කරනා
පරංගියාගේ x අඩවිය
උෂ්ණ ඇඟ කුල්මත් කරමින් සීතල හාදු
එක පිට එක දෙන සිහිල් සුළං රැල්ල
සීමා මායිමක් නැති කඳු පංතිය
හිරු නැගෙන්නට පවා උදාසීන වන අහස්තලයට
ගෑවී නොගැවී කොන්ක්‍රීට් වුනු චතුර් දහම 
බෞද්ධාගම , කතෝලිකාගම , ද්‍රවිඩ ආගම , මුස්ලිම් ආගම
සියල්ල එක ලඟ උස් පහත් බව අහලකවත් නොවන
යහගුණයෙන් පිරුණු අතලොස්සක් සැමතැනම 
ප්‍රසිද්ධ විවේචනයක් ඇත මා ලඟ, මගේම වර්ගයා ගැන
ආඩම්බරයි ද්‍රවිඩ නියෝජනය හා මුස්ලිම් නියෝජනය
අත දරුවෙක් සමඟ නැගී කතට ප්‍රධානය කල අසුන
මගේ වරිගයා මගේ සහෝදරිය පුතුන් හා නැගී මොහොතේදී
අසුන ප්‍රධානය පිළිකුල් කල නුඹට ඇත මේ විවේචනය
කම් නැත, නුඹ කල දේ නුඹට පල දේවි, ඇති ගැටළුව නම්
නුඹ මවක හෝ පියෙකු නොවී මේ දරුවන් බිහිකලාද යන්නයි
කුහක ගතිය මන්ද මානසික නුඹ සතුයි
විටකින් මුව රතු කරගත් ද්‍රවිඩ තේ දළු නෙළන්නිය
සතු නොවේ කුහකත්වය
වතු සුපිරින්ටන් සතුයි අහංකාර පුහු තේජස
නුඹට නකුට වනන නුඹ ගණන් නොගන්නා බලු කුක්කා
සුදු මහත්තුරු කැත නැතුව හුරතල්, සත්කාර කරන
සෙනෙහෙවන්තකම කෙළෙහිගුණය
උපරිමයෙන් ප්‍රතිචාර දක්වන බලු පැටවා
ගෙන හැර පාන ආදර්ශ
අපේ ඈයෝත් මදක් මහ මොළේට වක්කරගන්න
ලංකාවත් එක්තරා වන් මෑන් ෂෝ එකක්
පරිසරය පමණක් රංගනයේ අපි වේදිකාව පිටුපස
පරිසරය නැති වුනු දවසට අපට
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ

   Related with ;  

Siththam Maya | Anu Perera. Powered by Blogger.