Ads Top

" නුදුටු දෙවියන් - දුටු දෙවියන් "


- අත්දැකීම් ජීවිතය වෙනස් කරයි. 
සිතු දේම නොවෙයි නොසිතු දෙයම වෙයි.
වැරදිමකින්ම පටන් ගන්නා ජීවිතය අප විසින්ම හරි ගස්සා ගත යුතු වේ -

ජිවිතයේ වැටුන වාර නම් එමටයි
නුඹ නොදැකපු වාර අනන්තයි
හිතාමතාම අහක බලා ගත්තාද ?
නුඹෙන් ඉල්ලපු දේ මහ මෙරක් උසට
නුඹ නොදුන් දේ ද එවන් උසට
නුඹ නොදුන් මාගේ පියාණන් දුන්
ධෛර්යවන්ත සිතට අදටත් ණය ගැති වෙමි
නුඹ නොදුන් දේ නිසා
නුඹට ශාප කල වාරද අනන්තයි
මේ අත් නුඹ වෙනුවෙන් එකතු නොකරන බව
මා අධෛර්යවන්තව සිත ධෛර්යවන්තව
සිත නුඹ හා දැඩි ද්වේශයෙන්
කළ කී දේ පවා අමතකය
ගත පවසන්නේ පලා යාමටයි
සිත පවසන්නේ මුහුණ දීමටයි
සිතට ඉඩ දෙනවාද ? ගතට ඉඩ දෙනවාද ?
ගතට ඉඩ දීම මා කරන අනුවණම ක්‍රියාව විය හැක
එය මා මරණය දක්වා ගෙන යාවි
මා බොළඳ අයෙකු නොවේ
නැත කොහෙත්ම නැත
අවුරුදු විසි එකක පුරාවට
මා උස් මහත් වූයේ ඉබේම නම්
සියළු බැඳීම් දැනටමත් අත හැර ගොසිනි
ශක්තිමත් බැඳීමක් මා වළකයි
උමතු ආදරයක් මා බැඳ තබයි
ශක්තිමත් බැඳීම ? උමතු ආදරය ?
කවුරුන්ද ?
මදකට නැවතුණි
අම්මයි තාත්තායි මා වෙනුවෙන්
පණ පවා දෙන්නට සැදී පැහැදී
දෙවියන් දුටිමි
නොදුටු දෙවියන් නුඹ මාගෙන් පිරික්සන්නේ කුමක්ද ?
පාලනයෙන් විරහිත මාගේ ආවේගයද ?
දුටු දෙවියනේ, නොදුටු දෙවියන්ගේ අංචිය කුමක්ද ?
" ඔබේ ඉවසීම "
" මගේ ඉවසීම ? "
" ඔව් ඔබේ ඉවසීම "
" මට ඇහුම්කන් නොදෙයි නම්, ඇයි ඉවසීම ? "
පිළිතුර සිනහවක් පමණි
ගැටළු මා, මා අදහන දහමින් ඈත් කරලද ?
නොදුටි දෙවියනි, සමාවන්න.
පෘතග්ජන මට සමාවෙන්න
නැවතත් මා නොවැටුන අයෙක් මෙන්
සිත තද කරගන්න අවසර

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.