Ads Top

" උසුළු විසුළු "

- සත්‍ය සිදුවීමක් ඇසුරෙනි -

බෝක්කු මත දුම්වැටියේ පහස ලබන නුඹ
ගැන්සියේ චරිතය නුඹද ?
' අර එන කෙල්ලට ටෝක් කරපං '
නුඹේ යහළුවන් කරන අභියෝගය
නුඹත් විලි පසෙක තබා භාරගැනීම
ඈතින් එන ගාමන්ට් කෙල්ල
නුඹ දන්නා දේ නම්
රූමත් කෙල්ලක බවයි
නුඹ නොදන්නා දේ නම්
ඇය බිහිරියි , ඇය ගොළුයි
එවන් ඇයව නුඹට විහිළුවක්ද ?
නුඹට නුඹේ යහළුවන් ඉදිරියේ ඇති
ආත්ම ගරුත්වය වටිනවාද ?
බොහෝම අගෙයි
නුඹේ අම්මට චරිතයක් පොරක් නොවුන නුඹ
ඇය ඉදිරියේ පොරක් වෙනවාද ?
නුඹට නුඹ පොරක්ද ?
බිහිරි ඇයට නුඹ එක්තරා පණ නැති කොකෙක් පමණි
අඩුවක් නැතිව උපන් නුඹ
අඩුවක් සහිතව උපන් ඇය
නුඹ දුටු කල්හි පාද පවා පටලවමින්
හිස තව තවත් බිමටම පහත් කරගනිමින්
අසම්මත වචන වරුසාවකින්
නුඹ ඇයට කරන ලිංගික ආමන්ත්‍රණය
ඇයට නුඹව නොඇසේ
නමුත්
ඇගේ සංවේදකයන් වැඩ
ඇගේ මෘදු සිතට නුඹේ රළු සිත දැනේ
ඇය ළාමක වැඩි නැත්ද නුඹේ සල්ලාලකම් වලට ?
යෝජනාවක් කරන්නම්
නුඹට අයිති බිලී පිත්තෙහි පොරත්වය ගල්වන්න
එහි ඇමට ගැහැණු ඇම නොගසන්න
මෙය සත්‍ය සිදුවීමක් වූ කලී
මට ඇති වූ ගැටළුව නම්
ජීව විද්‍යාත්මකව
නුඹ පිරිමියෙක්ද නැතිද යන්නයි

~ අනු පෙරේරා ~

Siththam Maya | Anu Perera. Powered by Blogger.