Ads Top

" Mr. ඉයන් "


| අනූ පෙරේරා

#SixPack නැත නුඹට 
අයෝමය පුරුෂයෙකු නොවේ නුඹ 
අහිංසක ඇස් ඇත නුඹට 
සරාගී සිනහව ඇත නුඹට 
පොහොසත් අයෙකුද නුඹ ?
ජනප්‍රිය අයෙකුද නුඹ ?
කවුරුන් තකාවිද ?
නුඹේ වත්කම ගැන 
මා දකිනා නුඹගේ පොහොසත් සිත 
කිසිඳු ඇමරිකානුවෙක් තුල නොදැකපු සෙනෙහස  
කවුද නුඹ කවුද ?
" IAN SOMERHALDER "
මිහිකත මා දුටු තවත් එක් ' මහත්මයෙක් '
කඩවසම් බවින් උපරිම හාදයෙක් 
නුඹ චරිතාංග නළුවෙකි 
කිසිවෙකු තර්ක නොකරාවි නුඹේ දස්කම් 
The Vampire Diaries, Lost
නුඹේ අති විශිෂ්ඨ රඟ දැක්වීම් 
තිර රචකටත් වඩා කටපාඩම් මට 
තිරයේදී නුඹ මාගේ ' ඩේමන් අයියා ' 
ISF තුල මා නුඹේ අනුගාමිකයා 
(Ian Somerhalder Foundation)
නුඹ හොඳ පුතෙක්ද ? නුඹ හොඳ සහෘදයෙක්ද ?
නුඹ හොඳ සැමියෙක්ද ? නුඹ හොඳ පියෙක්ද ?
නුඹේ අතීතය කොහොම එකක් ද ?
පලක් නෑ මට
වටින්නේ නුඹ මේ මොහොතේ හා අනාගතයේ කරනා හොඳ දේවල්ය 
නිගමනය කල හැකි එකම දෙයකි 
නුඹ හොඳ පුතෙකු විය යුතුයි 
අර්ථවත් පුතෙකි මිහිතලයට දායාද වුනු 
ඔව් නුඹ ඇමරිකන් අරගලයක 
ආඩම්බරයි නුඹ ගැන 
නුඹත් ආඩම්බර වෙන්න 
මොකද ,
අසීමිත ඇගයීම් අතරින් සීමිත ඉඩක් නුඹටත් ලැබීම ගැන 
මේ ඇගයීම ,
not because i luv Damon SalvaTore
but because i respect sir Ian Somerhalder 





Welcome to ISF

Ian Somerhalder Foundation

Ian Somerhalder Official

Siththam Maya | Anu Perera. Powered by Blogger.