Ads Top

" පදවිය "


| අනූ පෙරේරා

පඩි රහිත සේවාව උපරිමයෙන් දෙන මිහිපිට 
රස්සා දෙකයි 
ඉල්ලීම් දීමනා කිසිත් නෑ 
ඉල්ලුමට සිය දහස් වැඩි සැපයුම 
විවේක කාල ඇත්තෙම නෑ 
පෝය නිවාඩු, නත්තල් මේවත් නෑ 
දින හතම පැය විසිහතරම නොකඩවා වැඩ 
පඩි නඩි බේරන්නට ආත්ම ගානත් මදි 
#OT එහෙම ?
ඒත් නෑ 
රොබෝ කෙනෙක්ද ?
නෑ මිනිස් ජිවිතයක් 
පදවි දෙකක් 
එකක් මව් පදවිය අනික පිය පදවිය 
අහ්හ් මේ අම්මයි තාත්තයි ගැන නේ කියන්නේ 
හ්ම්ම්. ඇයි සුළුවෙන් කතා කරන්නේ ?
මම හිතුවේ රොබෝලා ගැන කියන්නේ කියලා 
මගේ ප්‍රශ්නයේ මමම උත්තරයක් වෙලා 
සමාජය තාක්ෂණය හා මුසු වෙලා 
හැඟුම් අනන්තයක් පරිගණකගත වෙලා 
මම උඹට බනින්නද ? ගහන්නද ?
උඹව කාලකන්ණි කොට ඇත මේ අධම තාක්ෂණය 
නුඹව ඔසවා තැබූ මේ උතුම් තාක්ෂණය 
පිළිතුරක් තියා ඇසු පැනයද මතක නැත මට
උතුම් මව්-පිය පදවිය අමිල මව්-පිය පදවිය 
රොබෝවරුන් කල උඹ ගැන  
බයයි මට උඹත් වේවි තව ටික කලකින් රොබෝවෙක් 
රොබෝ දෙමව්පියන්ගේ රොබෝ පැටියෙක් 
හැඟීම් දැනීම් නැති මොට්ටයෙක් 
හදවතක් නැති නිරිසතෙක් 
පුතේ!
මනුස්සකම ගැන මෙතනින් හිතපන් 
(පපුවට අත තියමින්)
තීරණ ගැන මෙතනින් හිතපන් 
(ඔළුවට අත තියමින්)
පුංචි මොළේට තවම තේරෙන්නේ නෑ 
අම්මගෙයි තාත්තගෙයි වටිනාකම 
ඒකනේ උඹ එයාලගේ පුතා වුනේ 
Siththam Maya | Anu Perera. Powered by Blogger.