Ads Top


 | අනූ පෙරේරා 

" කියවීම මිනිසා සම්පුර්ණ කරයි "
අහස උසට තාක්ෂනය දියුණු වුනත් 
මිනිසුන් තවමත් ආසයි පරණ පොත්කොල වල 
කුලෑටි සුවඳ විඳගෙන පොත් කියවන්න 
මට මම වගේ උන් ගොඩක් මුණ ගැහිලා තියෙනවා 
ලෝකේ පෙරළුනත් අතට අහුවෙච්ච පොතක් 
නොකා නොබී හරි කොහේ හරි ඉදන් 
මුළු ගැන්විලා කියවන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා 
කියවපු පොත් හරිම සීමිතයි 
නොකියවපු පොත් මහා මෙරක් උසට අසීමිතයි 
කාලෙන් කාලෙට වෙනස් වෙන රස සමඟ 
මමත් අසීමිත ප්‍රේමයක පොත් හා පෙමින් වෙලී 
විටෙක මා මගෙන්ම ප්‍රශ්න කළා 
ලැප්ටොප් පරිඝනකය මගේ ජීවිතය විනාශ කරනවාද ?
තාක්ෂණය මා ගැබ්බර කලාද ?
යලිත් මා මගේ පරණ සබඳකම් ඇරඹුවා 
පෙර පැවති අංක 9366 යටතේ 
අද සිට යලිත් මගේ පන් මල්ල තුල 
පුස්තකාලයට දාව රතින් නිමවුණු පොත් දෙකක හිඳිවී 
සති දෙකෙන් දෙකට නව පුත් පොත් යුගලයකට මව වේවි 
අවුරුදු දෙකකට නවතා තිබු පොත් ප්‍රේමය 
නැවත දිග හැරේවි අද එතැන් සිට 
ඔව් මට මතකයි 
1998 කුරුණෑගල මහජන පුස්තකාලයේදී 
පොත් හා විවාහ ගිවිස ගත් මොහොත 
මගේ කරච්චලෙන් බේරෙන්න බැරි තැනම 
බයිසිකලෙන් තාත්තා එක්ක ගිහින් 
පුස්තකාලය හා විවාහ වූ මොහොත 
අදත් එදා වගේමයි එත් දියුණු වෙලා 
ළමා අංශය තවමත් එතනමයි 
පත්තර බලන තැන තාමත් එතනමයි 
වැඩිහිටි අංශය තාමත් එතනමයි 
පඩිපෙළ නැග යත්ම ඒ පරණ පොත් සුවඳ 
නාස් පුඩු අතරින් උඩට යද්දී පරණ සිදුවීම් එකක් නෑර සිහියට 
පුස්තකාල ළමා සමාජයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙක් මම 
"ම්ම් මිස් මම අලුතෙන් කාඩ් දෙක හදාගත්තේ "
දැනට මා ආගන්තුකයෙකු නිසා බැහැරදෙන අංශයේ සිටි
කාන්තාවගෙන් විමසුමක් කලේ අලුත් ක්‍රියා පටිපාටියක්වත් 
ඇත්ද යන්නට දැනගැනීමටයි 
" කෝ බලමු " කාඩ් අතට ගත් ඇය මගේ උරහිසින් අතක් තබා 
" අලුත් ? මොන අලුත්ද ? ඔයා අපේ පරණ සාමජිකයෙක්නේ "
අහිංසක ආඩම්බරයක් දැනුනා සිතට 
මා පොත් වලට දුන් භක්තිය පෙරලා මට ලැබුනාක් මෙන් 
එම නිසා අද මට විශේෂ දවසක් 
කෙසේ හෝ අද නිකම්ම නිකම් දවසක් වෙන්නට නොදී 
විශේෂ දවසක් කල ' අංජන ' අයියව 
මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරනවා 
මොකද එයා ඇප වෙලා සහතික උනේ නැත්තම් මේ පිටගම් කාරයා 
යලි කුරුණෑගල පුස්තකාලය හා සබඳකමක් නෑ නෙවැ 

                                                                                                                                                                   
           
Siththam Maya | Anu Perera. Powered by Blogger.