Ads Top

" මිෂන් කුරුමිණි "


 | අනූ පෙරේරා 

වලියක් දා ගත්තා 
කා එක්කද ?
කුඹි එක්ක 
මොකක් ?
ඔව් කුඹි එක්ක 
ඒ මොකටද ?
කුරුමිණියෙක් බේරගන්න 
පිස්සුද ඕයි ?
වෙන්ටෑ 
දැන් මොකද්ද වලිය ?
කුරුමිණියා හෙන ගේමක් දෙනවා දැක්කා 
ඉතිං ඉතිං ?
තෙල් කුඹිද කොහෙද ඌව වටකරගෙන 
කුඹි සෙට් එකක්මද ?
නෑ ... කුඹි තුන්දෙනයි හිටියේ 
අෆ්ෆට සිරි ඉතිං ?
එකනේ කුඹි තුන්දෙනා එකතු කරොත් ඒ වගේ තුන්ගුණයක් ඇති කුරුමිණියා 
බලහන්කො ඉතිං නෙහ් ?
එකනේ, අරූට හැරෙන්නවත් බෑ කුඹි එක්ක 
හ්ම් හ්ම් ?
මම ටිකක් මෙහාට වෙලා සිද්ධිය මීටර් වෙනකම් බලං හිටියා, 
කුඹි තුන් කට්ටුව කුරුමිණියාව හොඳට සල්ලන් කරනවා 
ඌ හොඳටම අසරණ වෙලා 
මුකුත්ම කරකියා ගන්න බැරිව හිටියේ
මම සුටුස් ගාලා ගිහින් කුඹි ටික අතින් එහෙට මෙහෙට කළා 
ඒකත් බොහොම පරිස්සමින් 
නැත්තම් උන්ගේ අන්ඩක් වත් කැඩුනොත් 
මටනේ රිදෙන්නේ 
කෝම හරි කුරුමිණියාව ගන්න කොළ කෑල්ලක් ගේන ටිකට මෙන්න 
ආයේ කුඹි ටික අරූට ඇටෑක් කරනවා 
මගේ සීබු මල්ලීට සැර වෙන වොයිස් එකෙන්ම 
මම පොඩි පාට් එකක් දැම්මා කුඹින්ට 
උන් තඹ සතේකට නෙවෙයි මාව මායිම් කලේ 
මාත් ඉතිං මටම නෝන්ඩි වෙලා එහෙම 
කොළ කෑල්ලෙන් කුරුවාව ගන්න හැදුවා 
මෙන්න බොලේ කූඹී අරුගේ ඇඟ උඩත් නැගලා 
ඌව එහෙට මෙහෙට පෙරළලා ගන්න හැදුවත් 
උන් නෙවෙයි වැඩේ අත ඇරියේ 
කුරුමිණියාව බේරගන්න මම සෑහෙන්න ඔට්ටු උනා 
අන්තිමේ කොහොම හරි බේරගෙන 
ඈතට අරන් ගිහින් 
" දැන්වත් නෝන්ඩි නොවී පලයන් " කිව්වා 

**මේ සටහන මම තැබුවේ මම කොච්චර හොඳ ළමයෙක්ද කියලා 
පෙන්නන්න එහෙම නෙවෙයි 
ඒ අත්දැකීමෙන් මට ගන්න දෙයක් තිබුන නිසා 
සමාජයට ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තිබුන නිසා 
මම හිතුවේ ඒ තෙල් කූඹී කියලානේ 
නෑ උන් ඇඹලයෝ 
මම දන්නා තරමින් ඇඹලයෝ ඔච්චර දරුණු නෑ 
එත් ඇඹල කූඹී තුන්දෙනෙකුගේ ශක්තිය 
මට අදහගන්නත් බෑ, ශරීර ස්කන්ධය නෙවෙයි 
උන්ගේ හිත හයියයි 
එත් ඇයි කුරුමිණියෙකුට පහර දුන්නේ ?
අහිංසක මිනිස්සුන්ට අහිංසක මිනිස්සු කවදාවත් හිරිහැර කරන්නේ නෑ වගේ 
අහිංසක සත්තු අහිංසක සත්තුන්ට හිරිහැර කරන්නෙත් නෑ 
කුරුමිණියා මොකක් හරි කුපාඩි වැඩක් කරන්න ඇති 
හැබැයි කුරුමිණියාගේ පෙර පිනකට මම පිහිට වුනා 
පෙර පිං කියන ඒවා ප්‍රායෝගිකව පාවිච්චියට එන වෙලාවල් එනවා 
බුදු දහම බොරු කියන්න කිසිම තර්කයක් ඉතුරු වෙලා නෑ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.