Ads Top

" කැපකිරීම "



 | අනූ පෙරේරා 

ජීවිතයේදී අපිට නොයෙකුත් පුද්ගලයෝ හමුවෙනවා 
ඇතැමෙක් කිසිදා දැක නැත්තෝ 
ඇතැමෙක් ජිවිතේ අපි ලඟින්ම හිටපු ඈයෝ 
ආගන්තුකයෝ සමිපතයෝ වෙනවා වගේම 
සමීපතමයෝ ආගන්තුකයෝ වෙනවා 
සුළු එහා මෙහා වීමක් නිසා මිසක් 
ලොකූ ලොකු දේවල් වලට නම් මිනිස්සු ගහ මරාගන්නේ නෑ 
වෛරය කියන දේ මුල් දුවන්න දුවන්න 
ගහ මරාගන්න තැනට නම් එනවා 
නැතුව ජිවිතේ අපි ඉපදෙන්නේ කන්න තරම් වෛරයක් හිතේ තියාගෙන නෙවෙයි 
හදවත පෙරට ගෙන තීරණ ගන්න අපි 
පසු කාලෙක වැරැද්ද අන් අයෙකු පිට පටවා 
තමන්ගේ හිත නිදහස් කරගන්නට වෙර දරනවා 
ඒක සාමාන්‍යයි 
මොකද නිදහසට කරුණ වෙන පෘතග්ජන භාවය 
හිතට සැනසීමක් දෙනවනේ 
හැබැයි ඒ වගේම අපි ජිවිතේ ඇතැමුන් වෙනුවෙන් 
කල කී දේ පසු කාලයකදී මතක් කර කර 
දෙස් දෙවොල් තියන්නට, සුසුම් හෙලන්නටද හරිම දක්ෂයි 
ආදරය කල ඈයෝ වෙනුවෙන් කල 
සුළු හෝ කැපකිරීම් මතක් කර කර 
හඬන්නට සිනහවෙන්නට හරිම කැමතියි 
ඇතැම් විට ඔවුන් අපේ ජිවිතේ නැති කාල වලදී 
හිතෙන හෝ බලාපොරොත්තු වෙනවා 
මොනවද ?
යම් දිනෙක ඒ කැපකිරීම් ඔවුන්ට දැනගන්නට ලැබී 
යලිත් ඔවුන් අපේ ජිවිතයට ඒවි කියා 
සිනෙමා සිත්තම් වලම ඉපිද සිනමා සිත්තමේම 
එවැනි ජවනිකා මියැදෙන බව අපි තේරුම් ගත්තොත් 
අපේ ජිවිත ඉස්සරහට පරිණත මනුස්සයෙක් වගේ ජිවත් වෙන්නට පුළුවන් 
මේක කෙතරම් ප්‍රායෝගිකද යන්න වාදයක් මතුවන්නට පුළුවන් 
මේ සටහන තියන මගේ පවා ජිවිතය හමුවේ රහසේ කල කැපකිරීම් 
බොහොමයක් එක් රොක් වෙලා තියෙනවා 
මොකද මමත් පෘතග්ජනයෙක් නිසා 
හැඟීම් දැනීම් ප්‍රහාණය කල අයෙක් නොවන නිසා 
එත් පොඩි උත්සහක් ජිවිතයට අරන් බලන්නකෝ 
සල්ලි, තනතුරු කියන ගියර අස්සේ  
ජීවිතය කියන වාහනේ  පදවන්නේ නැතුව 
එක පාරක් උත්සහය කියන ජියරයෙන් ධාවනය කරන්නකෝ 
ඔයාට පුළුවන්නම් ඔයාගේ ජිවිතේ ආපස්සට යන්න 
අවුරුදු ගණනකට පෙරට යන්න 
ඔයා කරපු හැම වැරැද්දම හරි ගස්සන්න බෑ 
හැබැයි මොළයෙන් කල්පනා කරලා, ගත්තු තීරණ වෙනස් උනා නම් 
කොච්චර ලස්සනට අද ජිවත් වෙන්න තිබුනද කියලා හිතන්න 
ඒ වගේම අර මුලින් කියපු කැපකිරීම 
මතක් කරලා සතුටු වෙන්න පුළුවන්නම් 
ඒ සතුට ඔයාගේ හැම නහරයක් පුරාම යවන්නට පුළුවන්නම් 
ජිවිතේ ගොඩාක් සරලව විඳින්න ඔයාට පුළුවන් වේවි 
හැබැයි ඊට කලින් දැන් ඔයා බලං ඉන්න දිහාව වෙනස් කරන්න 
දවල්ද රෑද කියලා ප්‍රශ්නයක් කරගන්නේ නැතුව 
අහස දිහා බලන්න 
පුළුවන් තරම් අත් විහිදුවලා ලොකු හුස්මක් අරගෙන 
හැම සිතුවිල්ලක්ම එකතු කරලා 
මනසේ ලොකු චිත්‍රපටියක් හදාගන්න 
දැන් ඔයාගේ බයිස්කෝප් එකේ ඔයාම ප්‍රේක්ෂකයෙක් වෙලා  
ඒ හැම සිතුවිල්ලකම හරවන්න පුළුවන් හොඳ පැත්ත 
ඔයාගේ ඇඟේ දුවන හැම ලේ අවුන්සයක් ගානෙම යවන්න 
හිත කියන කෙනා දරාගෙන ඉන්න වැදගැම්මක් නැති ටොන් ගණනින් 
ඔයාව නිදහස් කරාවි 
ඊළඟ තත්පරේදී ඔයා මේ පොළවේ පය ගහලා ඉන්න 
වැදගත්ම මිනිසා වෙයි ...
කාර්යබහුලත්වය අතරේ විනාඩි දෙක තුනකට මේ අදහසට ඇහුම්කන් දීලා බලන්නකෝ 

- වැඩේ කොහොමද කියලා කොමෙන්ට් එකකුත් දාන්නකෝ කැමති නම් 
Siththam Maya | Anu Perera. Powered by Blogger.