Ads Top

" අනුහස් "


 | අනූ පෙරේරා 

               ඒ දැනෙන්නේ සතුට නෙවෙයි සැනසීම.මේ මහපොළවේ වැලිකැට ගණනටත් වඩා අපි කරපු අකුසල අපි පසුපස හඹාගෙන එනවා. සතර දෙස ගංගා ඇල දොළ වලින් කොපමණ ජලය ගැලුවත්, මහා මුහුද ජලයෙන් කිසිම දවසක තෘප්තිමත් නොවන්නා සේ අපි මේ සංසාරය තුල අප සැප,සතුට,ආස්වාදය” හබායාම තුල තෘප්තිමත් වන්නේ නෑ . වගේම මේ මිරිගුව හබායන විට බොහෝ විට අප තුලින් අකුසල් රැස්වෙනවා කියලත්, මේ අකුසල අපිව නිවන් අවබෝධයෙන් ඈත් කරලා මේ සංසාරෙටම ඇලෙනවා කියලත් අපිට අවබෝධයක් නෑ. මෙහෙම හිතන්නකෝ උදෑසන, කුණු දුවිලි වලින් අපිරිසිදු වෙලා තියෙන අපේ මිදුල අපේ සිත නම් ඉදල” කියන යහපත් ක්‍රියාව නමැති සපිරි උපකරණයෙන් අපේ සිත ලස්සනට අපිම පිරිසිදු කරගන්න ඕනි. වෙන කවුරුත්ම නෙවෙයි අපි විසින්ම. ඊටපස්සේ මිදුල හරි පිළිවෙලයි නේද? අන්න වගේ, අපි අපේ සිත මුලින්ම පිරිසිඳුව පිළිවෙලක් කරගන්න ඕනි. ලස්සන හිතේ ආලෝකයෙන් ජීවිතය නිසකෙයෙන්ම ප්‍රබාශ්වර වෙනවා. සමහර වෙලාවට එදිනෙදා කරන එදිනෙදා දකින දේවල් තුලින් ජිවිතයට ගන්නට ආදර්ශ බොහෝමයි. සංසාරය මහ මුහුද වගේනම් එකේ ඇතිවෙන රැල්ල හරියට අපේ එක ජීවිතය වගේ.මුලින්ම පොඩියට පටන්ගෙන ක්‍රමයෙන් රැල්ල ලොකු වෙන ගමන් අවසානෙට පැමිණෙනවා.. රැල්ලේ අවසනෙත් එක්ක රැල්ලත් එක්ක ගහගෙන ආපු සියල්ල අතැරලා අයෙත් මුල ඉදල ජලයෙන්ම අලුත් රැල්ලක් හට ගන්නවා. වගේ අපේ ජිවිතයේ රැස් කරගන්න බාහිර සියලු දේවල් මරණය අබියස අපි අකැමති උනත් අපිට අතාරින්න වෙනවා.සංසාරය කියන්නේ වගේ දුක් සහිත නොනවතින ක්‍රියාවලියක්. මෙතරම් නිදර්ශන සොබාව සෞන්දර්යයාම නිර්මාණය කර ඇතිනම් මේ ජීවිතය ගැන අවබෝධ කරගන්නට වදන් මොකටද.

                සමහරවිට මූල්‍ය වටිනාකමින් අඩුම යහපත් ක්‍රියාවලට පසු ආත්මෙක ලැබෙන අනුහස් අනන්තයි අප්‍රමාණයි වෙන්නට පුළුවන්. නැතිනම් ඔබ මූල්‍ය වටිනාකමින් වැඩිම සම්මාදම කොට ලද අනුහස් අබ ඇටයක තරම් වන්නට පුළුවනි. කුසලයෙහි අනුහස් වැඩි වන්නේ මූල්‍ය වටිනාම ඉහළ යන තරමට නොවේ. අවස්ථාවේදී ඔබට ඇති වුනු සිත මුල් කරගෙන. බුදු දහම කියන්නේ ආගමක්ද ඇහුවොත් ? නේක මත ඉදිරිපත් වේවි. හැබැයි මම දකින විදියට, මට සිතෙන විදියට, මම සොයා ගත් කරුණු වල හැටියට ශ්‍රේෂ්ඨ බුදු දහම යනු ධර්මයක්. ධර්මය යනු දෘෂ්ඨියක් මතවාදයක් නොව ලෝකයේ යථාර්ථයයි. එය ඕනෑම කෙනෙකුට විවෘතයි. ඔබේ ආගම කුමක් වුනත් අවබෝධ කරගන්නට පුළුවන්. මේ ලෝකේ උගත්ම මිනිසා කවුද කියලා ඇහුවොත් ? ඇල්බර්ට් අයින්ස්ටයින් ? ආර්ථික විද්‍යාවේ පියා ? ඇඩම් ස්මිත් ? වෙන්න ඇති. හැබැයි තුන් ලෝකෙටම මිහිමත පහල වුනු විශිෂ්ඨම ආර්ථික විද්‍යාඥයා , විශිෂ්ඨතම ආයුර්වේද වෛද්‍යවරයා, විශිෂ්ඨතම පාලකයා ... සරලවම කියනවනම් එකම ප්‍රඥාවන්තයා මගේ බුදු පියාණන්. උන්වහන්සේට සම කරන්නට, සම වෙන්නට කෙනෙක් නම් මෙතෙක් පහල වී නැත.පහල වුවොත් පහල වන්නේද බුදුකෙනෙක් පමණි.

             ආගම දහමට මුල් තැන දෙන මිනිසුන්ට වරදින්නේ නෑ. ආනු බලයෙන් පිරෙනවා ඉතිරෙනවා. ඉතිං ඒකයි අපේ කුළුඳුල් ව්‍යාපෘතිය අප පිළිගන්නා ධර්මය මුල් කරගෙනම ආරම්භ කරන්නට සිත් ගත්තේ. පන්සල් වෙහෙර විහාර සුද්ධ පවිත්‍ර කිරීම් වලට දායක වීම, ඒවා ඉදිකිරීම් වලට දායක වීම, ඒවා ප්‍රතිසංස්කරණයට දායක වීම හුදෙක් බෞද්ධ ධර්මයෙහි පැහැදිලි වන්නේ අට මහා කුසල් කියලයි.ඉන් ලැබෙන අනුහස් විස්තර කිරීම් වලදී ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් ස්වාමීන් වහන්සේ කෙනෙකුට, පොතකින් පොතකට, අනුහස් වැඩි වැඩියෙන් විස්තර කෙරෙනවා විනා අඩුවක් නම් නොමැත. " අනුහස් ව්‍යාපෘතිය " නම වැටෙන්නේ ඔන්න ඔය හේතු පදනම් කරගෙන.

එතකොට මේ අපි කවුද ? අපි 
#TeamJuniors
    - Juniors Foundation - 
https://www.facebook.com/juniorsfoundation
          
පෙර -->


 පසු -->

Siththam Maya | Anu Perera. Powered by Blogger.