Ads Top

" අසිරිමත් ඇය උදෙසා "


 | අනූ පෙරේරා 

Proudly with Juniors Foundation   
                          
             එන්න අපි මේ පෘතුවිය හැමෝටම ජිවත් වෙන්න පුළුවන් විදියේ ලස්සන එකක් කරමු. පිටසක්වල ජීවින් පවා දැකලා තියෙන ලස්සනම ග්‍රහලෝකය කරමු. තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි හැමෝම එකමුතු වෙන්න ඕනි. හැමෝම තනි තනියෙන් හිටියොත් අපිට මේ ලෝකේ වෙනුවෙන් ලොකු දෙයක් කරන්න බෑ. මේ මහා පොළව ඔයාට දුන්න දේ අසීමිතයි, මේ සොබාව සෞන්දර්යය ඔයාට දුන්න දේ ඇදහිය නොහැකියි. ආත්ම ගණනාවක් යනතුරු මේ වට පිටාවට අපිට ජිවය දුන්නු ජිවිත වලට අපි ණය ගැතියි. ඒ ණය පියවන්න මේ කපේ ඔයාට බෑ. ඒක ස්ථිරයි. මේ විශ්වය හරිම පුදුම විදියට අපිට ආදරේ දෙන්නේ. අඩුවක් කරන්නෙම නෑ. ඒකයි මිනිස්සු අංග සම්පුර්ණ නොවුනත් විශ්වය අංග සම්පුර්ණව පිහිටලා තියෙන්නේ. අඩුවක් කරන්නේ නැති නිසා. අපිව හරි විදියට නිර්මාණය කල නිසා, සත්වයා කියන අපූරු නිර්මාණය නොහිටින්න අද විශ්වය අසම්පුර්ණ වන නිසා ඒ අසිරිමත් මිනිසා නිර්මාණය කළා. හදවත, වකුගඩු, පෙනහළු යන හැම අවයවයක්ම හරිම තැන් වල ස්ථාන ගත කරලා, ලේ ධාතුව ලබලා දීලා, හුස්ම ඔක්සිජන් කාබන්ඩයොක්සයිඩ් ලෙස පෙරලා දීලා, බඩගිනි වතුර තිබහ නින්ද මහන්සිය දුක සතුටේ සංවේදක දීලා ඔයාව බිහි කරපු පලවෙනි අම්මා ඔයා වටේට ඉන්න සොබා දහම. මේ මිහිකත මව ඔයාගේ හැම අසාධාරණ වංක වැඩක්ම දරාගෙන අදටත් මහමෙරක් වගේ ඔයාට ජිවත් වෙන්න අයිතිවාසිකම දීලා තියෙනවා. නැවත වතාවක් ඕනෑම ජිවියක් ගෙන මේ මිහිපිට ජිවත් වෙන්න අවසර දීලා තියෙනවා. ඒකයි එයා අම්මා වෙලා ඔයා දරුවා වුනේ. ඔයා ඒ අම්මට ඔයාගෙන් වෙන්න ඕනි යුතුකම් ඉෂ්ට කරලා තියෙනවද? සමහරවිට ඔබ කියාවි ඔව් කියලා. නමුත් ඒ යුතුකම් සාගරයකින් එක පොල්කට්ටක ජලය වෙන්න පුළුවන්. ඔයාට කවදාවත් බෑ පෙරලා කල යුතු යුතුකම් ගෙවලා ඉවර කරන්න.

                   අපේ සම්බුදු බුදු පියාණන් , තුන්ලොව පහල වුනු ශ්‍රේෂ්ඨතම උදාරතම මිනිසා එතුමන්ගේ යුතුකම සතියක් මුළුල්ලේ කෙලෙහිගුණ පෑවා. එකම ඉරියව්වක අධිෂ්ඨානයෙන් මහා වීර්යයෙන් අනිමිසලෝචනයෙහි වැඩමවා වදාළා.

" රන්වන් පාටින් දළු ලන බෝධිය - නිල්වන් පාටින් කොළ ලන බෝධිය 
   ගෞතම මුනිඳුන් පිට දුන් බෝධිය - අපිත් වඳිමු ජය සිරි මහා බෝධිය
   මම මේ මළුවට යනවා එනවා - බෝ මුල් බෝ පත් මට පෑගෙනවා
   සමාව දී මගේ පව් අරවනවා - බෝ රජුනේ මට අවසර දෙනවා  "

               වචනයට සීමා වූ අපි දොහොත් මුදුන් දීගෙන පෙරලි පෙරලි වැඳ ගෙන කිව්වත් පලක් නෑ. ක්‍රියාවෙන් පෙන්නන්න පුළුවන්නම් එයයි අපේ ඊළඟ පරපුරට නැති නම් අපිට පෙර පරම්පරාවට පවා දිය හැකි හොඳම අවවාදය හොඳම ආදර්ශය. හුදෙක් මිනිසුන්ගේ මාන්නාධික අදහස් නිසා අනම්‍යශීලි ක්‍රියා පිළිවෙත් නිසා සමාජය යන රැල්ලට ඉඩ දෙන්නට සිදුවෙලාද ? අනේ නෑ. වැරදෙන්නට හරි යහපත් දෙයක් අත් හදා බලන්න. කටයුතු සංවිධානය කරන්න. වියැකිලා යන අපේ කම අපේ මිහිකත මව යලි ජිවත් කරන්නට මේ හොඳම කාලයයි. එන්න අපි එක්ක එකතු වෙන්න. අපි ලෝකෙට බලාපොරොත්තුවක් දෙමු. සියදහස් ගණනින් එකතු වෙලා ජිවත් වෙන බිම් අඟලට යමක් කරමු. අපේ ඊළඟ වැඩසටහන් සමඟ එකතු වෙන්න. ලෑස්තියි නේද ඔය තරුණ ජවය ??

වැඩි විස්තර සඳහා

#TeamJuniors





Siththam Maya | Anu Perera. Powered by Blogger.