Ads Top

" Affection vs. Love vs. Passion "


 | අනූ පෙරේරා 


ආදරය, සෙනෙසහ, රාගය
ඇතැම් විට එක ළඟ යන කරුණු තුනක්.
මේ වචන හරියටම අර්ථ දක්වන්නට ඔබටත් මටත් තවමත් බැරිය.
අපේ අත්දැකීම් මදිද ?
නෑ අත්දැකීම් බහුල පුද්ගලයෙකුට පවා අදහසක් කිව හැකි නමුත් මේවාට නිර්වචනයක් දිය නොහැක. මෙතනින් කාලීන සමාජයක තිබිය යුතු සහ තිබෙන්නේ කුමක්ද ඇසුවොත් ?
තුනෙන් එකක සම්භාවිතයක් තියෙන්නට පිළිතුරු ලැබේවි.
නෑ එහෙමත් නැති වේවි.
එසේ නම් කාලීන සමාජයේ තිබිය යුතු වන්නේ,
' සෙනෙහස ' නම් දැන් සමාජයේ දකින්නට ඇත්තේ ' රාගය ' විය හැක.
එහෙනම් මොන මගුලකටද කෙනෙක් කෙනෙකුට ' ආදරෙයි ' කියන්නේ ?
වලංගු බාවයක් නැති වචන ප්‍රායෝගික නොකර නමට පමණක්ම වල් වැදෙන්නට දෙන්නේ ඇයිද ?
ආදරය හුදු සෙනෙහස හා රාගය අත ගාමින් යන වචනයක්ද ?
කෙනෙකුට පුළුවනිද ශිෂ්ඨ සම්පන්න සමාජයක සිට තවත් කෙනෙකුට සෙනෙහස දක්වන්නට ?
නැත නැත කිසිම ලෙසක පිළිගත නොහැක.
තමන් සෙනෙහස දක්වන පුද්ගලයා දරුවෙකු මෙන් බලාගන්නට ? හැකිද ?
රාගයේ අහලකවත් නොඉඳ ?
සැමවිට නිදහසට කරුණ වන පෘතග්ජන බව තරයේ මෙය තරයේ හෙලා දකීවි.
නමුත් ඇත්ත සොයන්නට අවශ්‍ය නොවේද සමාජය වැදගත් කරගන්නට ?
සෙනෙහස රාගය අතර දෝලනය වෙන ආදරය මම මෙසේ විග්‍රහ කරන්නම්;
ආදරය සිත තුලම තියා දක්වන ප්‍රතික්‍රියා සෙනෙහස ලෙසත්
ආදරය යට ඇඳුම තුලම තියා දක්වන ප්‍රතික්‍රියා රාගය ලෙසත්.
යහපත් සමාජයකට අවශ්‍ය සෙනෙහසින් යුතු යුවළක්, විවාහයෙන් පසු රාගයේ ප්‍රතිපල බිහි කිරීමයි. උපදෙසට ප්‍රතිවර්තන ක්‍රියාවක් සෑම විටම ඉතාමත් ආදරයෙන් මේ සමාජය ලබා දෙන නිසා ඔබටත් පේනවා ඇති ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ මාකට් වෙන මාකට් විල්ල.
ජාත්‍යන්තරයේ නම තියන එක නරකක් නෙවෙයි හැබැයි නම තියන්නට හදන හර පද්ධතියේ දෝෂයක් තියෙනවා.
ලංකාවේ ජරාම නගරය මොකද්ද කියලා ඇහුවොත් ඔබ නිරුත්තරයි. ඇයි ?
ලංකාව වැරද්දක් කියන්න තරම් නරක රටක් නොවෙන නිසාද ?
එසේත් නැත්තම් මොන වැරැද්ද කියලා හිතාගන්නට බැරිවද ?
ඔව් සමස්ථ ලංකාවම ජරා ජීර්ණ වෙලා. වල් වැදිලා.
උඹ උඹේ හැඟීම් යට ඇඳුම තුල දාගෙන සිටින තාක් මේ රටේ බිම් අඟලක්වත් හදන්න බෑ.
ගැහැණු ළමුන් උඹ වගේ කාම තිරිසනෙක් නිසා ගෑනු වෙනකොට මේ රටෙන් භාගෙකටත් වඩා උඹ ජාතක කරපු දරුවන් ඉඳීවි.
පවිත්‍ර අම්මෙකුට ධෛර්යවන්ත තාත්තෙකුට බිහි වුනේ උඹ වගේ කාලකණ්නි පුතෙක් ? උඹ වගේ දකින දකින කොල්ලෝ පස්සෙන් කාමරගානේ යන වේස දුවෙක්ද

                               - සභ්‍යත්වය සම්බන්ධයෙන් මාගේ කණගාටුව ...

Siththam Maya | Anu Perera. Powered by Blogger.