Ads Top

" පූජා - ආලෝකෝ උදපාදී I "


 | අනූ පෙරේරා 

හිතන්න මේ විශ්වයම අඳුරෙන් වැහිලා කියලා
අඳුර නැති කරන්න පුළුවන් කොහොමද ?
"ආලෝකයකින්"
අපිට ඇස් තිබුනා කියලා හැමදේම පෙනෙන්නේ නෑ
රෑ යාමෙක ගෙදර විදුලිය එක පාරට ඇනහිටියොත් ?
ටෝර්ච් එකක් අත පත ගාගෙන හොයන්නේ
ඇස ශක්තිමත් නැති නිසයි
එළියක් ඕනි අපිට
ජිවිතේ කරන හැමදේකටම එළියක් ඕනේ
සහ අපි ඉගෙන ගන්න ඕනි තව කෙනෙකුට එළියක් වෙන්න
ඔයා නිසා තව කෙනෙක් සතුටු වෙනවනම්
ගැන හිත හිත ඔයාටත් සතුටු වෙන්න පුළුවන්
මිහිපිට පහළ වුනු ශ්‍රේෂ්ඨතම මානවයා
ඔබගේ මගේ බුදු පියාණන් 
උන්වහන්සේගේ දර්ශනයේදී මේ හැමදෙයකම විපාක දැනගන්නට පුළුවන්
හොඳ දේ කලොත් යහපත් විපාක
නරක දේ කලොත් අයහපත් විපාක
අපේ අඳුරුතුමන් කිසි දිනෙක අපට අණ කරලා නෑ
බෞද්ධ අබෞද්ධ ඔබට අණ කලෙත් නෑ
හැබැයි විපාකය පැහැදිලි කළා
කිරීම නොකිරීම අපිටම තීරණය කරන්න
ඕනෑම ආගමක නියෝජිතයෙකු වන්නට පුළුවන්
ප්‍රශ්නයක් නෑ පිං කරන්නට කුසල වඩන්නට පුළුවනි
පින කුසලය අර්ථ දෙකක් ගෙන දුන්නත්
සංසාරෙන් ඉවත් වෙන්නට මේ දෙකම අවශ්‍යයි
කුසල් බලවත් වෙනකොට පිං සිතිවිලි ඉබේ පහළ වෙනවා
පින ලෞකික ජීවිතය සැපවත් වෙන්නට හේතු වෙනකොට
කුසලය ලෝකෝත්තර ජිවිතයට පාර කියනවා 

මහත් වීර්යයෙන් අපි මේ කරන්න හදන ආලෝක පූජාවට දෙස් දෙවොල් නැතුවම නෙවෙයි,

  1. එතකොට ආලෝක පූජාවක් සිදු කරන්නේ ඇයි?
  2. ඕක කරන්නේ කවුරු වෙනුවෙන්ද ?
  3. බොරු වැඩක් නෙවෙයිද ඔය?
  4. ඊට වඩා හොඳ නැත්ද නැති බැරි මනුස්සයෙකුට උදව් කලොත් ?
  5. එහෙමත් නැත්තම් දුෂ්කර ගමක ආලෝකය නැති පන්සලක ඔය දේ සිදු කලොත් ඔයිට වඩා පිං ලැබෙයිනෙ ?
  6. ඇයි ප්‍රසිද්ධ පන්සලක් තෝරාගත්තේ ? ඔයාලටත් ප්‍රසිද්ධ වෙන්න නේද ?
  7. තමන්ට කියලා ජොබ් එකක් කරලා එපැයි පිං කරගන්න ?
  8. පහන් පනහක් (50) පත්තු කලත් පනස් දහසක් (50 000) පත්තු කලත් ලැබෙන්නේ එකම පින ළමයෝ
  9. උඹලා පොඩි උන්ට මෙච්චර ලොකු දෙයක් කරන්න බෑ. ඇඟිල්ලේ තරමට ඉදිමියන් ?
  10. මිනිස්සු උදව් නොකලොත් ?
  11. පහන් බිම තියන එක නොසුදුසුයි.මොකද අපි බුදු හාමුදුරුවන් වෙනුවෙන්නේ මේ දේ කරන්නේ නේද ?
  12. ඕකේ සම්පූර්ණ වියදම කීයද ?
  13. ලක්ෂ 12ක් හොයාගන්න පුළුවන්නම් අපිට චෛත්‍යය පුරා බල්බ් දාන්න පුළුවන්නේ ?


මේ දැනට අපිට මුහුණ දෙන්න වුනු හොඳම ගැටළු ටික. අපිත් උත්තරත් බැන්ඳා. සමහර තැන වල නිහඬවත් සිටියා. හමුවෙමු අපේ පිළිතුරුත් සමඟින් පසු දිනෙක ....

Siththam Maya | Anu Perera. Powered by Blogger.