Ads Top

" ජාතිවාදී එළිබැස්ම "


 | අනූ පෙරේරා 

මේ මේ මම උඹට කතා කරන්නේ
උඹේ පුහු මොළයට බොල් හදවතට
උඹේ ඇඟේ තියෙන මොන අවයවයේද උඹේ ආගම ගැවිලා තියෙන්නේ
ඔව් උඹ තර්ක කරාවි මුස්ලිමානුවන් ගැන
උන්ගේ අසවල් දේ බලන්නට කලින් උඹේ අසවල් ඒවා බලාගෙන හිටපන්
අන්තවාදියෝ අන්තවාදියෝ කිය කිය අමන උඹත් කෑගහන්නේ
උඹේ නිරුවත ලෝකෙටම පෙන්නගෙනයි
අඩුම උඹට මේ ආගම ගැන කැක්කුම ආවේ කවද ඉඳන්ද කියපන් බලන්න
උඹේ කරදඬු උස් මහත් වෙනකොටද ?
උඹේ අම්මට බං පලයන් කියන්න කටට හයිය එනකොටද ?
ගිරිය කඩා ගෙන කෑගහන උන් ටික පලයව්කෝ මේ රට රැකගන්න
මේ රට වෙනුවෙන් ජීවිතය පූජා කරපල්ලකෝ
බොරුවට සමාජ ජාල වල පාලම් කොක්කු වෙන්නේ නැතුව
දමිළ කියන්නේ ත්‍රස්තවාදියෝ නෙවෙයි
මුසල්මානුවන් ත්‍රස්තවාදියන් නෙවෙයි
උනුත් මිනිස්සු උඹලා අපි වගේම ගැහෙන පණ තියෙන
හදවතක් ඇති මිනිස්සු
ලෝකේ ශ්‍රේෂ්ඨම සිංහලයාත් නෙවෙයි ඉංග්‍රීසි කාරයත් නෙවෙයි
අපි අපි අදහන ආගම අපිට වැදගත්
උප්පැන්න සහතිකේ තියෙන පමණින් උඹේ නළලේ ලේබලේ ඇලවෙන්නේ නෑ
උඹ පිළිගන්න කැමති ධර්මය රකින්න උත්සහ කරපන්
එහෙනම් මම කොහොමද බෞද්ධයෙක් වෙන්නේ
මගේ තාත්තා ශුද්ධ කතෝලිකයෙක්
මට තියෙන්නේ කතෝලික ලෙය
නමුත් සත්‍යතාවය අපි අවබෝධ කරගෙන තියෙනවා
ආගමක් පහත් කරන්න නම් නෙවෙයි මේ වෑයම
හැම ආගමකටම හැම ආගමකම නියෝජිතයන්ට එක විදියට සලකන්න කියන
ඉල්ලීමයි මේ
අදහන ආගමට ගරු කරන්න
කිසිම ආගමික නායකයෙකු කොතනද කොහෙදිද දේශනා කලේ,
අපේ ආගමට බනින උන්ට හොඳ පාඩමක් උගන්නපන් කියලා
මගේ බුදු පියාණන් දේශනා කලේ නෑ,
කිසිම දෙයක ලෙයට ලෙය ඉල්ලුවේ නෑ
එහෙනම් මොකද්ද මේ හදාගත්තු අළුත් නීති රෙගුලාසි ටික
ජිවත් වෙන බිම් අඟලටද මේ මරාගන්න හදන්නේ
ජිවත් වෙන හුස්ම පොදටද මේ හැටි ගහ ගන්නේ
උඹට විතරක් නෙවෙයි හැම කෙනාටම ඔය ප්‍රශ්න පොදුයි
ඔළුවේ දහසක් ප්‍රශ්න තියෙන්නේ උඹට මට විතරක් නෙවෙයි
මුස්ලිම් දෙමළ කතෝලික මිනිස්සුන්ටත් තියෙනවා
අනිත් එකාගේ රෙද්ද හොයන්නේ නැතිව තමන්ගේ නිරුවත වහගත්තා නම් අගෙයි
මහන්සි වෙලා හරි හම්බ කරගන්නයි මේ හැමෝම උත්සාහය
තම්බියා කපටි වෙන්නේ කොහොමද ?
මම නම් දකින්නේ කපටි නෑ දක්ෂයි
වෙළඳාමට උපන් හපන්නු
මුස්ලිම් කඩවල් වලට ගිහිං ඇතිනේ ?
වීදියේ කඩවල් පහක් තියෙනවානම් එක කඩේකට නිකමට ගොඩ වැදිලා ආවොත්
එක කඩේකින් එක ජාතිය ගානේ දේවල් පහක් අතේ තියේවි
ඇයි ?
උන් කම්මැලි නෑ. හිතන්නකෝ අපි යන්නේ සාරියක් බලන්න කියලා
උන් අපිට සාරියට අමතරව යට ඇඳුම් ටිකත් අරන් දීලා තමයි කඩෙන් එවන්නේ
සාරිය දම් පාට නම් බලන්නේ දම් පාටින් තියෙන හැම සාරියක්ම ඇදලා ඇදලා පෙන්නනවා
මනුස්සයා පැයක් විතර එක්කෙනෙකුට ඔට්ටු වෙලා ඒත් සාරිය ගත්තේ නැත්තම් වෙන පාටක් ඇදලා ගන්නවා
කිසිම දෙයක් නොගෙන කඩෙන් එළියට බැස්සොත්,
' ෂරි නෝනා ආයේ එන්නකෝ අපි නෝනා කැමති ඩිසයින් එක ගෙනත් තියන්නම්කො '
සිංහල සාරි කඩේයි මේ කඩේයි වෙනසක් තියෙනවද කියලා
පොඩ්ඩක් හිතෙන අහලා බලන්නකෝ
බිස්නස් වැල නොකැඩි තිබුනත් nolimit,fashion bug සිකුරාදා දවල් 11 වෙනකොට වහලා
දොළහේ කණිසමට ආගමට මුල් තැන දෙනකොට
පෝය දවසට අරක්කු තැබෑරුම වහන්න ලෝභ හැත්ත තමයි
පු* වල් උඩ දාගෙන මේ ජාතිවාදයෙන් එළිබහින්නේ

feeling සභ්‍යත්වය දාපං බල්ලට

Siththam Maya | Anu Perera. Powered by Blogger.