" තවත් සිඟන්නෙකු නොවේ "


| ශාන් රණසිංහ 

සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.

මචන්,
ඇයි බන්?
මගේ බර්ත්ඩේ පාටිය තියනවා බන්. අනිවා වරෙන් ඈ...
අම්මටහුඩු අපිට දඩ දාන්නේ එහෙම නෑනේ නේ?
නෑ බන් නෑ...
අනේ මට එන්න බෑ වගේ බන්.
ඇයි බන්?
ඔයිට වඩා හොඳ නැද්ද බන් උබල කෙල්ලෝ කොල්ලෝ රොත්තක් එකතු වෙලා මෝඩ ආතල් අරන් පිස්සු කෙලලා බ්‍රැන්ඩඩ් කඩේකින් කෑම කාල සෙල්ෆි ගහනවට වඩා කන්න නැති අහිංසක මිනිහෙක් හොයල ඒ මනුස්සයට බඩ පැලෙන්න කෑම එකක් අරන් දුන්නොත් ?
අනේ පිස්සුද බන්. මිනිස්සු කොහොමහරි කනවා බන්. අපේ යාළුකම් ඒ වගේද බන්. යාලුවන්ට මගේ රිපියුටෙෂන් එක පෙන්නන්න එපැයි බන්. අනික මිනිස්සු දැනගන්න එකකුත් නෑනේ.අනික කෑල්ලත් එනවනේ බන්.ඒ වගේ නොන්ජල් වැඩ කරන්න බෑ බන්. කෑල්ලට පොඩ්ඩක් පේන්නත් එක්ක ඉන්න එපැයි බන් ස්ටයිල් එකට. අනික අරුන් සෙට් එකම මට පාටියක් ඔගනයිස් කරනවා බන්. ඉතින් මම ට්‍රීට් එකක් දෙන්න ඕනිනේ.
අනේ උබේ ට්‍රීට්. පල යකෝ යන්න.
උබ එනවද නැද්ද එකක් කියපන්.
එන්නේ නෑ.
සංවාදය අවසන් විය.
බර කල්පනා තොග පිටින් ඔලුවට දමාගෙන තුම්මුල්ලෙන් එලියට බැස මහරගම පිටකොටුව 138 ගොඩවිණි.
...තොට කෑම හිරවෙලා මැරියන්. පෙරේතය. රෙද්ද උබේ අම්මගේ ස්ටයිල්.... අහිංසක මිනිහෙක්ට උදවු කරන එක නොන්ජල් වැඩක්ද? පො***.... හිතට නිමක් නැතුව සිංහල ව්‍යාකරණ ගලන්නට විය. මම සංස්කෘතික වැඩිද? නෑ එක්කෝ ඒක හොදයි. හැමෝම එක වගේ වුනාම කිසි මෙවුව එකක් නෑනේ.
ග්ලාස්හවුස් බහින්න . බැහැගන්න ඉක්මනට.
බස් රියෙන් බැස්සාටත් වඩා පැන්නා යයි කිව යුතුය. බැහැගැනීමට තව ජුන්ඩක් මිස් වූවානම් විනාඩි දෙකක් ඇතුලත පිටකොටුව ස්ටේෂම ඉදිරිපිට සිටීමටද ඉඩ තිබිණි. සාක්කු දෙකට අත් දෙක ඔබාගෙන ලෝඩ් ලෙස පාර මාරු විය. ටෙනිස් පිට්ටනිය ඉදිරිපිට බස් නැවතුම්පල වෙත වියතේ හමාරේ සායකොට ඇඳගෙන උඩ පනිමින් ටෙනිස් ගසන ලඳුන්ගේ සිරි නරඹමින් අඩිය ඔසවන්නට විය.
සීගිරි අප්සරාවෝ කැලේ බන්. උන්ගේ හැට්ටේ විතරයි නැති වුනේ. මුන්ගේ මුකුත් නෑනේ. දුටු දර්ශනය හිරිකිත වැඩි වීම නිසා ඇඟ පත කිලිපොලා ගියේය. වහාම පෙරෙඩ් එකේ යන සෙබලෙකු ලෙස ඉදිරිපසට මූණ හරවාගෙන හොද ළමයෙකු සේ ගමන් ගත්තෙමි.
ඇයි ඇත්තටම පාටි? මොනවද ඒකෙන් හම්බෙන්නේ? ආතල් කියල කිවුවේ? අතේ තියන තුට්ටුවටත් කෙලවාගෙන මොකක්ද ඒ ආතල් එක? අනික අවුරුද්දකින් වයසට යන එකට සන්තෝස වෙන්නේ මොන
මොට්ටයද? උන්ට හොදනම් මට මොකෝ. බිත්තියට හේත්තුව දාගෙන දුහුවිලි මිශ්‍ර කාෂ්ටක උදෑසන හුලන් ටිකක ආතල් එක විඳිමින් සිටියෙමි.
හිටිවනම ඈත බිත්තිය කොනෙන් බෙහෙවින් වයස්ගත සීයා කෙනෙකු මතු විය. කිසිදු හැගීමක් හිතට නොදැනුනත් ඇස් දෙක ඉන් ඉවතට ගනු නොහැකි විය. වැරහැලි වී , කුණු තට්ටු පිටින් බැඳී සරමක් හා තරමක් අලුත් කමිසයකින් හෙබි හේ සෙරෙප්පු කුට්ටමක්වත් නැතිව අසීරුවෙන් අඩිය ඔසවා අඩිය තැබුවේ ඇඟට පන නැති නිසාවෙන් සහ අලුත ගෙදරින් දොට්ට දැමු කෙනෙකු බව සිතාගැනීම අමාරු කාරණයක් වුනේ නැත. අතේ කුඩා බෑග් එකක් සහ මාරු කාසි කිහිපයක් තිබිණි. හේ ටෙනිස් පිටිය කෙලවරේ සිට මා සිටි තැන පසු කරන්න විනාඩි දහයක් පමණ ගත කළේය. 177 බස් දෙකක් පසුකර ගිය හෙයින් වෙලාව මැනගැනීම අසීරු වූයේද නැත.
හිත පතුලේ ගල් බෝරයක් ගැසුවාක් මෙන් හුදෙකලා බියකරු දුක්මුසු හෙන අමුතුම හැගීමක් ආ නිසාම මදක් ලං වී කතා කරන්නටම හිත බල කරන්නට විය. අපි හැමෝම මැරෙන මිනිස්සුනේ. ගිහින් කතා කරපන්.
තාත්තේ... මම හඬ අවදි කළේය.
ඔහු මදක් නැවතී හිස ඇලකර බැලීය. සිටුවේෂන් එක ඒ වන විටත් ඔලුවේ තිබුණු නිසා ඒ පිළිබඳව කිසිදු විමසීමක් නොකලෙමි.
තාත්තා කෑම කාලද ඉන්නේ? බඩගිනිද?
ඔව් කියන්නාක් මෙන් හිස ලාවට සෙලවනු දැකීය.
මම එදා මගේ බඩට කිඳා බැසීමට සූදානම්ව බෑගය ඇතුලට වී නොයිවසිල්ලෙන් සිටි බත් පාර්සලය රැගෙන ඔහුගේ අතට දුනි.
ඔහුගේ ඇස් වල කඳුළු පිරෙන්නට විය. කලකට ඉහතදී තරමක් දරුණු ගති පැවතුම් වලින් යුක්ත වුනු මගේ දෙනෙතද මටත් නොදැනීම තෙත් වන්නට විය. නමුත් මොන්ටිසෝරි පොරක් ලෙස හොටු පෙරීම හෝ කඳුළු හෙලීම නොකරන්නට වග බලාගත්තෙමි.
මම දාන්නද තාත්තගේ බෑග් එකට? ඔහු කතා නැතිවම බෑගය හෙමින් වියල් කරේය.
තාත්ත දුර ඉදලද එන්නේ?
නෑ.. හිටිවනම ලාවට හඬ අවදිකළේය. මම කුරුඳුවත්තේ පුතේ. මගේ පුතා ****** බැංකුවේ මැනේජර් කෙනෙක්. හරි හැඩකාරයා. පුංචි කාලේ මගේ කර උඩින් බැස්සෙම නෑ පුතේ. බිමින් තිබ්බොත් අඩනවා. ඒකට ලොබකමේ දවසම මගේ වැඩේ හුරතල් කරන එක. ඔහුගේ ස්වරය හැඬුම් බර විය.
තාත්තා කතා කරන්න එපා අමාරුයිනේ දැන්.
එකෙනෙහිම හේ මාව වැළඳගත්තේය. ඔහුගේ ඇඳුම් වලින් හැමූ දුර්ගන්ධය සහ දෙනෝදාහක් ඇස් ලොකු කරන් මා දෙස බලා සිටීමෙන් ඇතිවූ විලිලැජ්ජාව පරයමින් මනුස්සකම මදක් වැඩි වූ නිසා මමද පිටට තට්ටු කරමින් සිටියේය.
මිනිස්සු අසරණ වෙන වෙලාව කාටවත් කියන්න බෑ. මටත් තාත්තෙක් ඉන්නවා. මගේ තාත්තා වයසට ගියාම. පවු. කොයි තාත්තටත් තමන්ගේ පුතාව දුවව රජෙක්. එත් නපුන්සකයෙක්ට තාත්තෙක්ගේ වටිනාකමක් නෑ.
අසරණ තාත්තගේ ඉකි ගැසීම නැවතෙන තෙක් එසේ සිටි මම මගේ පසුම්බියේ තිබූ මුදල් වලින් බස් එකේ ගෙදර දුවන්න ගානට පමණක් ඉතිරි කරගෙන ඉතුරු සියල්ලම පුද කෙරිණි. තාත්තට සෙරෙප්පු දෙකකුත් නෑ නේද? මේ සල්ලිත් ගන්න. මේ සෙරෙප්පු දෙකත් දාගන්නකකෝ කියමින් සෙරෙප්පු දෙකත් දෙනු ලැබීය.
තාත්තේ දැනට මට කරන්න පුළුවන් මෙච්චරයි. ආයේ දවසක මට තාත්තව හම්බුනොත් මට පුළුවන් වෙන මොනා හරි කරන්න තියනවනම් මම කරන්නම්. ගිහින් එන්නම් තාත්තේ. වහාම එතනින් පිටවී එවෙලේම පැමිණි බස් රියට ගොඩවිණි. හදවත දුක වේදනාව සියල්ලම පරයා තත්පරේට ස්පන්දන 2000 පමණ අධික වේගයකින් ගැහෙන්නට විය.
ඇයි මේ ලෝකේ මෙච්චර නන්නත්තාර තැනක් වෙලා තියෙන්නේ? පුතෙක්ව චූටි කාලේ ඉදන් හදල හදල ඇයි තමන්ගේ තාත්තට බල්ලෙක්ට වගේ සලකන්නේ?
පසුපස අසුනේ කෙලවරේ වීදුරුව අයිනේම හිඳගෙන කල්පනාවේ කිමිදී සිටී මට තාත්තා මිමිනූ වදන් කිහිපයක් සිහිපත් විය.
පුතා කවදාවත් පුතාගේ තාත්තව වැඩිපුර කෑම කනව කියලවත් , ලේලිගේ කීම අහලවත් දොට්ට දාන්න එපා පුතේ. වීදුරුවෙන් එලිය බලා සිටි මගේ කම්මුල් සීතල කරගෙන කඳුළු බින්දු කඩා හැලෙන්නට විය. මට මගේ තාත්තාව සිහිවිය. “මම ඔයාට ආදරෙයි තාත්තේ. මම කවදාවත් ඔයාට එහෙම වෙන්න දෙන්නේ නෑ.”
අසරණ මිනිස්සු දුක් විඳිනවා. කන්න කෑමක් නෑ බීමක් නෑ. ඉන්න හරි හමන් තැනක් නෑ. එත් තවත් සමහරු, මිනිස් ලේ මස් තියන මිනිස් අම්මෙක්ට දාව ඉපදිච්ච සමහර උන්ට තමන්ගේ තාත්තව එපා වෙන ගානට වැටිලා, තවත් සමහරු තම තමුන්ගේ ආතල් ගන්නවා, අහිංසක මිනිහෙක්ගේ දුක නොන්ජල් නිසා.
උන් හැමෝම එකයි. “අවජාතක පුත්තුයි උන්ගේ බැල්ලියොයි”
සේරෙප්පුත් නැතිව කකුල් උඩ දාගෙන බසයේ සිටී මා දෙස බලා නොසන්ඩාල ලෙස සිනාසෙන මිනිසුන් දැක බේරුණු කඳුළු අස්සෙන් කට කොනට සියුම් සිනහවක් නැගිණි. මගේ තාත්තාගේ මුහුණ මැවී පෙනෙන්නට විය.
“මට උඹ ගැන ආඩම්බරයි පුතේ.”
Share on Google Plus

About Siththam Maya

Anu Perera is an Author by publishing her first novel "HIKO". Anu has written more than 70 of articles to Siththam Maya Blog and has shown her colors to the readers. Some of Her articles smell radicality while giving a message to the whole society.
Post a Comment