Ads Top

" යළි ඒද ? "



සිත්තම් මායා | තිළිණ නදීශාන් 

බොදවුනු සිහින නෙතු අද්දර        පිපිදෙනවා
පැරුනු හදට සුව සිහිනය                පීදෙනවා
බෝ මුල් සෙවන හදවත් කෙත     සනසනවා
වියැකුනු මතක සිත තුල සිතුවම්       වෙනවා

සිත සුව නැද්ද ඔය කුමරුන් හා            ඉඳලා 
ගත වෙහෙසයිද මහමෙර මිටියෙන්      බිඳලා 
සිත නැති ඔබගේ කය ඔබ ඔය ගෙයි    දමලා
සැනකින් එන්න ඔබ අත ගෙන යමි      දුවලා

මහ රුක මුදුන ඵල බර ඇත අතු        නැමිලා
ඔවුන්ද ඔබගේ තටු කැඩුවෙ සිර          කරලා
ඵල බර වුවද මට බර නැත ඔබ            බලලා
ඔබ සැම රකිමි මගේ දිව් දෙවනුව        තබලා

නෙලූමක් සදිසි ඔය දෙකපුල ලඟට      වෙලා
රහසක් කියමි සිහිලැල් පවනක්           සලලා
කඳුළැල් ගඟට අන්තිම තිතකුත්           තියලා
ඔබේ අත පතමි මගෙ දීගය හැර            දමලා

Siththam Maya | Anu Perera. Powered by Blogger.