Ads Top

" දීග යන අක්කා "



සිත්තම් මායා | තිලිණ නදීශාන් 

ගහට පොත්ත පොත්ත ගහට වගේ වෙලී 
සොයුරු සෙනේ හදවත නිදි කරයි සැලී 
එකම ගෙදර එකට එක්ව ඉන්න කලී 
අක්කා ඔබයි මගේ ලග උන් මගේ මලී 


එකම පැදුරේ තනි නොතනිය නිබඳ මකා
එකම රොටිය දෙකට කඩලා හොඳට කකා
උන්න අපගේ පැරණි මතක හෙමින් මකා
යන්න ගියේ ඇයි සූකිරි සුදු අක්කා


මවගේ වියෝ දුක ඔබ මට නොම දුනිනා
චිත්‍ර පොතේ මව් වෙනුවට ඔබ මැවුනා
සෙනේහස් දයා ගඟ ඔබ වෙනුවෙන් ගලනා
මව් නොම වටී ඔබෙ මගෙ රන්කඳ අගනා


අවුරුදු තුන හතර පහ හයකුත් ගෙවිලා
නැවතුනු නයන කඳුලැලි වැස්සක් වැටිලා
නාඩන් මලේ මම අයියට බහ දීලා 
යන්නට යන්නේ ඔය මල් හිත තනි කරලා


තනි පැදුරක තනි කම මට හුරු නැතුවා
හදවත උපන් කඳුලින් දියවැල් ගැලුවා
සෙනෙහස් අමා ගඟ වෙන කෙනෙකුට හරවා
යන්නට එපා අම්මේ මම තනි වෙනවා


Siththam Maya | Anu Perera. Powered by Blogger.