Ads Top

" මව් නැති ලොවක "



සිත්තම් මායා | තිළිණ නදීශාන් 

ලොවට එන්න ඔබ අවසර මට දුන්නා
ගෙදර දොරේ යතුරත් ඔබ මට දුන්නා
ඔබගේ එලිය ඔබ වෙන ලොවකට දුන්නා
ඔබගේ මුහුණේ මගේ හදවතේ නොම තිබුනා


පිය සෙනෙහස පමණයි මට ලොව තිබුනේ
කිරි වෙනුවට වතුරයි බොන්නට තිබුනේ 
ඔබ නැති ලොවට පියතුම එලියක් දුන්නේ
සිහිනයකින් පමනයි ඔය රුව මැවුනේ


ලොවකට එකෙක් ඉපදි තවකෙක් මැරිලා
යන්නට එපා ඒ දුක උහුලනු බැරුවා
ඉපදුනු තිබිරිගෙය මා මළගෙයක් කලා
කියලා ලෝ දනා මට ගැරහුම් කෙරුවා


මගෙ හිත හඩන බව ඔබ හට නොතේරේයි
සෙනෙහස කියන වචනය මට නොතෙරේයි
මව් මැරු කුමරු යන නාමය පට බැදෙයි
අම්මේ ලොව දමා යන්නට මට අවසරයි

- තිලා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.