Ads Top


ඇවිලෙන හද ගිනි 

සිත්තම් මායා | තිළිණ නදීශාන් 

කවියෙන් ලියනූ බැරි තරමට සිත බැඳිලා 
ගීයක සොඳුරු පද වැල් මෙන් උමතු වෙලා
සිහිනයකින් කඳුලැලි ගඟ දෝරේ ගලා
ආලය දෙබිඩි ගමනක් යයි මා තනි කරලා

සුමිහිරි මතක සිත තුල සක්මන් කෙරුවා
මගේ සුදු නංගි මගේ පණ යැයි කීවා
ඔය අත මගේ වෙන කෙනෙකුගේ නොම වේවා 
යැයි ඔබ කියූ වදනින් මා මුලා වුවා

මගේ ලඟ දුක බෙදා ගත් හොඳ යෙහෙළිය මට හිටියා
ඔබ ඇය මතුදිනේ පිළිකුල් ලෙස මගහැරියා
එනමුදු අද ඔබත් ඇය හා හාද වෙලා
අසරණ මගේ සිත පිහියෙන් දෙපලු කලා

පෙර දා පිලිකුල් කෙනෙක් හා අද ඔබ හාද වෙලා
දෑඟිලි පටල ගෙන මා යන මග ගමන් කලා
යහළුවෙ ඔබත්, මගේ පණ ඔබත් මතකයේ රඳවා ගනිල්ලා
මට දුන් ගින්න ඔබලට ඇවිලේවී කියලා

- තිලා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.