Ads Top

අනුයි උඹලයි


අනුයි උඹලයි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

උඹලා උදව්වක් ඉල්ලුවම
නෑ බෑ නොකියා මම උඹලට කළාට, 
මම උඹලගෙන් උදව්වක් ඉල්ලුවම 
නෑ බෑ කියන්න හේතු ගොඩක් උඹලට තියෙනවා 
කොයිතරම් සාධාරණයක්ද ඒ හේතු වල 
උඹලා මම වෙනුවෙන් කරපු දේවල 
කෙලෙහි ගුණේ වගේම 
උඹලා මට කරපු බලුකමුත් 
තවම හොඳට මතකයි 
ඒවත් මතකේ තියාගෙන උඹලාට උදව් කරන්නේ 
නිවට කමට කියලා නම් හිතන්න එපා 
උඹලට වැරදෙන තැන හැදෙන්න ඕනේ 
මගේ අතින් නෙවෙයි 
දෙවියෝ අතින් 
ඔව් උඹලට උඹලා කරපු හැමදේකටම අච්චු විඳියි 
දවසක 
අන්න එදාට 
මම උඹලට හිනා වෙනවා 
මම උඹලට කෙළ ගහනවා 
උඹලා මට කරපුවට 
උඹලට හිතාගන්න බැරි විදියට මම උඹලව අසරණ කරවනවා 
ඒ නිසා පරිස්සමින් 
ගොඩක් සැලසුම් හදලා මාව වට්ටන්න බලහල්ලා 
නැතිනම් සිය දහස් ගාණක බලයක් අරගෙන 
මම නැගිට්ට දාක උඹලට ඇප නැති වෙයි 
හිනා වෙලා හිටියම 
අනූ කියන්නේ ඕනේ එකකට ' හා ' කියන එකියක් නෙවෙයි 
තේරුම් අරං ආස්රේ කරහල්ලා 
හොඳට හිටියොත් පත්තිනි අම්මත් පරාදයි මට 
නරකට හිටියොත් කාලි අම්මත් පරාදයි මට 

- අනූ 
Siththam Maya | Anu Perera. Powered by Blogger.