Ads Top

Need your help


Need your help 

උපුටා ගැනීමකි ( හිතවතුන් කිහිපදෙනෙක් එකතුව සිදුකරන සුපහන් ක්‍රියාවකි )

අවුරුද්දකට වතාවක් කොළඹට ඉතා දුර ගමක පාසලක් තෝරගෙන සාමන්‍ය පෙළ ළමුන් හට ඔවුනට තව තවත් අවශ්‍ය අධ්‍යාපනික දැනුම ලබාදෙන්න ගිය වැඩමුළුවකදි අපිට මුණගැහුණු එක පුංචි සහෝදරයෙක් ඉන්නවා ඔහුගේ සැත්කමකට අවශ්‍ය මුදල් සොයාගැනීමට තරම් ආර්ථිකමය පසුබිමක් නොමැති.

ඒ මල්ලි ඉගෙනගන්නෙ අම්පාර නාමල්තලාව විදුහලේ උසස් පෙළ පංති වල. අවාසනාවට වගේ ඔහුගෙ වකුගඩු දෙකම ක්‍රියාකාරීත්වය බොහෝදුරට අකර්මන්‍ය වී ඇති නිසා ඉක්මනින්ම අලුත් වකුගඩුවක් බද්ධ කලයුතු බවත් ඒ සඳහා ලක්ෂ 2 1/2ක පමණ මුදලක් වැයවන බවත් වෛද්‍යවරුන් පැවසූ බව ඔහුගෙ පියා අපවෙත පැවසූවෙ හැඬූ කඳුලින්. තමන්ගෙන් වකුගඩුවක් තමන්ගේ පුතාට ලබාදෙන්නට ඔහු සූදානම් උවත් සැත්කම සඳහා උවමනා මුදල් සොයාගත නොහැකිකමින් දිනෙන් දින සැත්කම කිරීම ප්‍රමාද වෙනවා. ගමෙන් පාසලෙන් එකතුවෙලා ඔවුනට හැකි අයුරින් මුලු මුදළින් අටෙන් පන්ගුවක්වත් දළ වශයෙන් එකතු කරදී ඇතත් ඉතිරි මුදල සොයාගැනීම එම පුතුට පියාට මහත් අසීරු කාර්යයක්.

ඉතින් අපි මෙන්ම අපි දන්න හඳුනන ඔබත් එකතුකරගෙන තාමත් හිරිමල් වයසෙ ඉන්න ඔහුගෙ ජීවිතය දිගුකරන්න අපිට අත්වැලක් වෙන්න පුලුවන් කියන අරමුණින් දායක උනොත් මිනිස් ජීවිතයක වටිනාකම දන්න, විශේෂයෙන්ම ගම්මානයක හිතහොඳ මිනිසෙකුට උදවුවක් කරන්න කැමති ඔබේ තවත් හිතවතුන් සිටියි නම්, ඒ සම්බන්ධව අවශ්‍යය තොරතුරු පහත ඕනෑම සොයුරෙකුගෙන් විමසන්න. ඔවුන් සියලු දෙනා මේ පිළිබඳව සාක්ෂි දරණවා ඇති.

Sankha Madhubhashana | 071 305 4422
Manoj Prasanka | 071 1750 494

මහජන බැංකුව
• ගිණුම් අංක : 345200190016746
• ගිණුම් හිමියාගේ නම : A. A. Manoj Prasanka

වෛද්‍යවරුන් විසින් නියම කල පරිදි සැත්කම සිදුකලයුතු දිනට තවත් ඉතිරිව තිබෙන්නේ මසක පමණ කාලයක්. ඒම කාලය තුල ඔවුන් ලක්ෂ 2කට අධික මුදලක් සොයාගත යුතුවී තිබෙනවා. අද දින සිට දින 30ක පමණ කාලයක් තුල එනම් දෙසැම්බර් මස අවසාන සතිය වන විට, ඉහත ගිණුම වෙත එකතුවන මුදල ඔවුන්ගේ නිවස වෙතම ගොස් ලබාදීමට අප සූදානම්. ඔබ විසින් දැනගත යුතු යැයි සිතන සැත්කමට සහ සිසුවාට අදාල තවත් විස්තර කිහිපයක් ඉදිරියේදී පලකරන්නම්. ඔවුන් හා සම්බන්ධ වී ඔවුන්ගෙන්ම තොරතුරු වල සත්‍යභාවය තහවුරු කරගැනීමට යම් අයෙකුට අවශ්‍යය නම් පහත ලබාදී ඇති අපගේ දුරකතන අංක ( රාත්‍රී 7ත් 9ත් අතර ) අමතා ඔවුන්ගේ දුරකතන අංක ලබාගැනිමට කාරුණික වන්න.
• යම් ගැටලුවක් ඇත්නම් පහත ක්‍රම ඔස්සේ අපව සම්බන්ධ කරගත හැකිය.

Sankha Madhubhashana | 071 305 4422
Manoj Prasanka | 071 1750 494

• සිසුවාගේ නම: K.W. පැතුම් අරවින්ද.
• පාසල: නාමල්තලාව මහා විද්‍යාලය, අම්පාර.
(සිදුකල යුතු සැත්කම වකුගඩුවක් බද්ධ කිරීම)
• පියාගේ නම: K.W.S.D. සිල්වා.

Siththam Maya | Anu Perera. Powered by Blogger.