Ads Top

Sathuta Project II


Sathuta Project II 

සිත්තම් මායා | අනූ පෙරේරා 

සමාජයේ අපි ජිවත් වන්නේ වෙනස් වූ වපසරින් තුළ. කෙනෙකුට කෙනෙක් වෙනස් වගේම කෙනෙකුට කෙනෙකුගේ මට්ටම වෙනස්. මිනිසුන් ජිවත් වන්නේ මුදල් මත විනා මිනිසත්කම මත නොවේ. එවන් අධම සමාජයක අපි වැනි උත්තරීතර මිනිසුන් පහළ වීම ගැන මිහිකත උදම් ඇනිය යුතු නොවේද ? 

මේ සූදානම JF ඊළඟ මෙහෙයුමටයි. ' සතුට ' ව්‍යාපෘති සියයේ දෙවැන්නටයි. ' කරමු අනූ කරමු ' යැයි කියූ කිසිවෙකු අද නැත. මා සිතා සිටියේ මේ අපේ පදනම කියායි. නුඹේ පදනම කියායි. නමුත් එය එසේ නොවන බව නුඹම මට ඒත්තු ගැන්වූ පසු මෙය මාගේ බව කියනවාට වඩා වෙන කියන්නට දෙයක් මට ඉතුරු වන්නේද ? කෙසේ හෝ ඉදිරියේදී හමුවනා යහගුණයෙන් සපිරි මිනිසුන් සමඟ මගේ කරුණාවන්ත හදවත ඉදිරියටත් තියේවි. 

මේ ව්‍යාපෘතිය වතාවකුත් අපි කළා, විසල් සාර්ථකත්වයක් නොපෙන්නුවත් වැඩේ ලස්සනට කෙරුණා. අන්න ඒ නිසයි අදටත් ඒ පොඩි උන් මට කතා කරලා ආ ගිය විස්තර අහන්නේ. ඒ හැඟීම විස්තර කිරීමට තරම් මා ජගතෙක් නොවෙයි. නමුත් මට මා ගැන අති විශාල ආඩම්බරයක් ඇත. මේවා කිරීමෙන් කිසිඳු වාසියක්, ලාභයක් නැත. අතේ ඇති සතයත් වියදම් වනවා පමණි. නමුත් ඒ හැඟීම කෙදිනකවත් මුදල් කරගැනීමට නොහැකි බව මම හොඳාකාරවම දනිමි. එබැවින් ඒ වියදම මම සතුටින් නිෂ්ප්‍රභා කරමි. ඔවුන් ලබන සතුට, මා ලබන සතුටයි. 

මේ දෙවැන්න අපි සිදුකරන්නට සූදානම " අඹේපුස්ස අපේ ළමයි විශේෂ පාසලටයි " සැබවින්ම ඔවුන් විශේෂයි. මොකද අංග සම්පූර්ණ අපි ළඟ නැති බොහෝ යහපත් ගුණාංග ඔවුන් ගාව තිබුණ නිසා. ජිවිතේ පුදුම තරම් ඔවුන්ව අසරණ කරලා තිබෙනයුරු දකින විට කඳුළු උනන්නේ ඇසින් නොව හදවතිනි. මෙය කළ යුතුමයි. මෙය මාගේ හිතුවක්කාර සිත ගත් තීරණයක් නොවෙයි, මෙය මාගේ කරුණාවන්ත හද ගත් තීරණයකි. 

එළඹෙන දෙසැම්බරයේ දිනයක් දාගැනීම සහ සංවිධාන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ' සතුට දෙවැනි ව්‍යාපෘතියත් ' දියත් කරන්නෙමු. විශේෂ දරුවන් අතර අපිත් විශේෂ වෙමු. හිත කියනවා නම් පමණක් මෙන්න අපේ ගිණුම් අංකය, රුපියල් දහයකින් හෝ සම්මාදම් වන්න. හිත සතුටු නම් පමණක්. 

Juniors Foundation
People's Bank
280 2 001 7 0038837 

නැවතත් කියමි, ලෝභ සිතින්, අකමැත්තෙන් කිසිඳු රුපියලක් එපා 

#SathutaProject_II #AnuPerera #JF #Happy

- අනූ 



Siththam Maya | Anu Perera. Powered by Blogger.