Ads Top

අනුයි පුතාලයි


අනුයි පුතාලයි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

කලින් උන් මගේ මල්ලිලා 
දැන් උන් මගේ පුතාලා 
කොච්චර හොඳ යාළුවෝ උනත් 
කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි 
එකට පාරේ යනකොට 
හැදෙන කතන්දර බෝමයි 
අයියා නගෝ 
අක්කා මලයා 
ලේබල් දෙන්නේ නෑ 
පිටස්තරයෝ 
ඒත්...
මං 
යන හැම මඟුලේම 
තනි කෙල්ලෙක් එක්ක 
කොල්ලෝ දෙතුන් දෙනෙක් යනවා 
මට කොහොම කතා හැදෙනවද 
මම දන්නේ නෑ 
මට වැඩකුත් නෑ 
මොකද
කවදාහරි  
පාරක මම වැටිලා හිටියොත් 
ඔය කතා හදන කිසි එකෙක්
මට වතුර උගුරක් දෙන්නේ නෑ 
ඒ නිසා 
කියන කතා වලට 
මට උන්ව අත අරින්න බෑ 
කවදාහරි බැරි කාලෙකට 
වතුර උගුරක් හරි පොවන්න 
උන් මගේ ගාව ඉන්ට ඕනෑ 
කෙල්ලෙකුටත් වඩා විශ්වාසයි මට 
උන්ගේ සෙනෙහස 
කොච්චර බැන්නත් 
තරහ වෙන්නේ නෑ කියලා 
විශ්වාසයි 
ඇස්වහ වදින්න එපා කාගෙවත් 
මේ අපේ පවුලට 

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.