Ads Top


Black People

සිත්තම් මායා | අනූ පෙරේරා 

සමාජය, 
නුඹ විසින්ම 
නපුරු කළ 
අහිංසක 
ජීවිතයකට 
දෝෂාරෝපණය 
කිරීමට අයිතිය 
නැත නුඹට 
උපතින් කළු නොවුන 
ජීවිතය 
කළු කළ මිනිසුන් 
ලඝු කොට 
තැකීම ඇයි 
වැටහේ 
හොඳින් වැටහේ 
සමාජයේ 
වැරදි 
නොව මේ 
දේශපාලයේ 
අත් වැරදිමයි 

- අනූ 
Siththam Maya | Anu Perera. Powered by Blogger.