Ads Top

අනූටත් තෑගී


අනූටත් තෑගී 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ටික කාලෙකට කලින් තිබුණ
තිර රචනා තරඟයකට 
මමත් ඇප්ලයි කළා 
තිර පිටපතක් ලියන්නේ කොහොමද 
කියන අදහසවත් මගේ හිතේ තිබුණේ නෑ 
මම මගේ උනන්දුවෙන් 
අන්තර්ජාල පහසුකමින් 
උපරිම ප්‍රයෝජන අරගෙන 
ඉගෙන ගත්තා 
තිර රචනය 
තනියෙන්
කලාවට මගේ මුල් ගුරුවරයා 
මම මයි
ඒ උනන්දුවෙ ප්‍රතිඵලේ 
ඊයේ උදේ වරුවේ 
ගෙදරටම ගෙනවිත් දුන්නේ 
පියුම් අංකල් 
වෙන කොහෙන්වත් නෙවෙයි 
මධ්‍යම පරිසර අධිකාරියෙන් 
මගේ හැකියාවට 
තැනක් ලැබිලා 
මගේ තිර රචනයට 
ත්‍යාග සම්මාන හිමිවෙලා 
සහතික පත්‍රයත් එක්ක තිබුණ 
චෙක් පත   
මගේ ලයේ උණුසුම වින්දේ 
ඇයිද ? 
දීර්ඝ සුසුමක් 
පෙනහළු අතරේ හිරකරගෙන 
සිතුවේ මොනවාද ?
ඒ ආත්මාභිමානයයි 
මගේ හැකියාවේ වටිනාකමයි 
මගේ අතින් ලියැවෙන 
වචන වලට මිලයි
නොබෝ දිනකදී 
මගේ තිර රචනයට 
සැකසුණු වීඩියෝපටය
ඔවුන් මුදා හරීවි   
බොහොම ගෞරවයෙන් 
බොහොම නිහතමානිව 
මම මගේ කුසලතාවයට ලද 
වටිනාකම පිළිගනිමි 
නැවත වරක් ස්තුතියි 
මධ්‍යම පරිසර අධිකාරියට 

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.