Ads Top

ටීවී එකත් හින්දි වෙලා


ටීවී එකත් හින්දි වෙලා 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ලංකාවේ නිර්මාණකරුවන්
හිඟ තැනක්ද ?
ලංකාවේ අනගි කලා නිර්මාණ
බිහිනොවන්නේද ?
එසේ නම් ඇයි ?
යාබද හින්දු දේශයේ 
අනගි කලා නිර්මාණ 
අමු අමුවේ 
අපේ උන්ගේ හඬින් 
උන්ගේ හින්දි 
අපේ සිංහලේට 
හිරු කරන මේ සෙල්ලම 
හිරු තව හොඳා 
දෙරණ ?
මා වඩාත් ආසා කළ 
එක් නාලිකාව 
සැනෙන් 
තවත් එක් නාලිකාවකම විය 
තුහ් නොදොකින් 
හින්දි දොඩන උන්ගේ දේවල් 
අමුවට කොපි කරන්න 
එපා බොලව්
ලංකාවෙත් ඉන්නවා පොරවල් 
සුපිරි පොරවල් 
අවාසනාවට උන්ට සල්ලි නෑ 
උන්ගේ හොඳ නිර්මානේ කොරන්න 
කවුරුත් සල්ලි දෙන්නෙත් නෑ 
හිරු ටීවී, ටීවී දෙරණ 
බෝලාලට කියන්නේ 
ටීවී එක ඉස්සරහා 
ඇස් උලච්චි 
කරගත්තම 
දැනෙන්නේ 
මේ ලංකාවේ ඉන්නවා කියලා 
නෙවෙයි 
ඉන්දියාවේ ඉන්නවා කියලයි 

- අනූ 

  
Siththam Maya | Anu Perera. Powered by Blogger.