Ads Top

මගේ කසාදේ - My Marriage


මගේ කසාදේ - My Marriage

සිත්තම් මායා | අනූ පෙරේරා 

මගේ වයසේ ඈයෝ 
මාත් එකක්ම 
පුදුම තරම් 
වයසට ගිහිල්ලනේ 
ළඟදීම 
මගේ ගෙදර උදවියටත් 
හිසට වැටෙන ලොකුම වගකීම 
මගේ කසාදය 
බව මට ඉවෙන් මෙන් දැනෙන්නේ 
ඇයි ?
මං හිතන්නේ 
මගේ අනිත් යාළුවන්ගේ 
දෙමව්පියන්ගේ 
සිට බෝවෙන ගැටළුවක් මේ 
ඒත් දෙයියනේ 
අපි තවම පොඩියි 
මට ජීවිතේ තවත් 
විඳින්නට තියෙනවා 
දැනටතමත් කසාදයක් නොකරගෙන 
පවුල් පන්සල් උන ඈයොන්ට වඩා 
මට තව ජීවිතේ ඉගෙනගන්න 
තව කාලය අවශ්‍යයි 
මොකටද මම 
ඒ වේලාවෙන් 
මේ කරදරකාර බැඳීමක් පටන් අරගෙන 
කාපු එකේ ඉඳන් 
ඒක පිටවුනු තැන දක්වා 
කියන්ට 
මම කැමති නෑ 
එකම ෆේස්බුක් එකවුන්ට් එක 
දෙන්නගෙම නම් දාපු 
පොදු වැසිකිළිය කරගන්න 
මම කැමති නෑ 
දණ්ඩ නීති සන්ග්‍රයයකට 
යටත් වෙලා ඉන්න 
මම කැමති නෑ 
මේ මම කැමති නැති දේවල් 
කිහිපයක් විතරයි
තව ගොඩායි 
එහෙම බැලුවොත් 
මගේ අම්මලාට කවදාවත් 
මට කොල්ලෙක් නම් 
හොයන්න හම්බෙන්නෑ 
හැබැයි 
මම ආදරේ කරන දවසට 
උට ආදරේ කරනවා 
පැලෙන්න 
එතකොට 
ඔයාලට ඉරිසියා හිතෙයි ඈ

 - අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.