Ads Top

මගේ Style එක


මගේ Style එක 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මගේ style එක හදාගන්නේ මම
එක continue කරනවද, නැත්ද කියලා 
තීරණය කරන්නෙත් මම 
වෙලාවකට Radical
වෙලාවකට පට්ට Athal
ඔය දෙකටම අමතරව 
ජාතිය, ආගම ගැනත් 
කැක්කුමක් තියෙනවා මට 
හැබැයි 
Facebook එකට 
සීමා උන කැක්කුමක් නෙවෙයි 
හම්මා...
තියෙන Work load එකත් එක්ක 
Smile එකක් දාපු වෙලාවක් මතක නෑ 
ඉතිං Stress එකටත් එක්ක 
මං කරනවා 
පොඩි පොඩි Video කෑලි 
මගේ Younger Brosලත් එක්ක 
බලන ඔයාලට හිනා ගියේ නැති උනාට 
ඒවා ෂූට් කරන අපිට නම් 
බඩ අල්ලගෙන හිනා යනවා 
සමහර වෙලාවට 
බස් එකේ යනකොට මතක් වෙලත් 
හිනා යනවා 
පට්ට Radical වෙනවට වැඩිය 
මේක මාර Fun ඕයි 
මේ හිනා වෙලා ඉන්නේ 
අපි මැරෙන ටිකට විතරනේ 
මං කියන්නේ 
බලුකම් කරන්න කියලා නෙවෙයි 
හිනා වෙලා මනුස්සකමින් ජීවත් වෙන්න 
එතකොට මට,
සමාජයේ  
ආවේශ වෙලා 
ලියන්න ඕනේ වැරදි 
ලියන්නේ නැතුව 
මෝඩ Fun Video කෑල්ලක් 
කර කර ඉන්න පුළුවන් 

- අනූ 
https://web.facebook.com/OfficialAnuPerera/

Siththam Maya | Anu Perera. Powered by Blogger.