Ads Top

The Singing Pond - හෝ ගානා පොකුණ


The Singing Pond - හෝ ගානා පොකුණ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඒ බලාපොරොත්තු 
පුදුම තරම් අහිංසකයි 
මහ මෙරක් වගේ 
කොහෙත්ම නෑ 
හයිබ්‍රිඩ් කාර් 
ඇපල් ෆෝන් 
නෙමෙයි 
මූද බලන්න 
හද්ද පිටිසර ඉසව්වක 
පොඩි උන් 
කොළඹ සිදාදියෙන් ආපු 
අළුත් ටීචර් එක්කලා 
මූද බලන්න යන්න 
බාධක ගොඩයි 
හැබැයි අත අරින්නෙම නෑ 
ටීචත් එකයි 
ළමයිනුත් එකයි 
මේ ලංකාවේ 
සමාජ තල කිහිපයක 
මුහුණුවර 
එකම පුටුවක් උඩ ඉඳන් 
බැලුවා මම 
සිනහවෙන් 
කඳුලෙන් 
තරහෙන් 
අගෙයි ඉන්දික මහත්තයෝ  
ඔබ ඇතුළු සමුහයට 
පිං 
ලස්සන නිර්මාණයක් කරාට 
ලංකාවේ ගතියට 
කවදාහරි වෙනවා 
මමත් 
මගේ අහිංසක බලාපොරොත්තුව සමඟ 
නිර්මාණකාරයෙක් 
නැතිනම් 
කලාකාරයෙක් 
හරියට උන් අන්තිමේට 
' හෝ ගානා පොකුණ ' 
බැලුවා සේ 

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.