Ads Top

අනුයි ගැන්සියයි කොලොම්පුරේ වටේ - Around the Colombo with Anu


අනුයි ගැන්සියයි කොලොම්පුරේ වටේ - 
Around the Colombo with Anu 

සිත්තම් මායා | අනූ පෙරේරා  

ඔව් ජීවිතේ මම කුරුල්ලෙක් වගේ පියඹනවා වගේ දැනුන දවස 
මංගයා ගොඩාක් පිං උඹට 
පොඩි ට්‍රිප් කෑල්ලක් සංවිධානය කළාට 
මම දස දහස් වාරයක් හිතුවා 
දෙවියෝ මට සල්ලි ගහක් මවලා දෙනවනම් 
මේ ලෝකේ වටේම කරක් ගහලා 
හම්බෙන හැමෝටම හිනාවකින් හරි උදව්වක් වෙලා 
කොහේ හරි ඉඳන් මැරිලා යන්න තියෙනවා නම් කියලා 
වාසනාවට එහෙම වෙන්නේ නෑ 
අපිට මහන්සි වෙලා හරි හම්බ කරන්න වෙලා තියෙනවා 
ඒ නිසා ඉඩක් ලැබෙන හැටිය 
කූඩුවෙන් පනින්නමයි හිත බලන්නේ 
අනූගේ ගැන්සිය 
ගියා බයික් සවාරියක් 
මේ අසුන්දර කොලම්පුරේ සුන්දර තැන් හොයා හොයා 
පෙර නොදැකපු 
මිහිරියාවක් දකින්න ගත්තා 
පෙර නොදැනුන
සබඳතාවයක් දැනෙන්න ගත්තා 
කොලොම්පුරයත් එක්ක 
අනුට බැඳීමක් ඇති උනා 
මොකද ඒ තැන් මට නරකක් ගෙනල්ල දුන්නේ නෑ 
මාව සතුටෙන් තිබ්බා 
කඳුළු බේරෙන තරමට මාව සතුටු කළා 
මමයි මගේ සහෝදරයෝ ටිකයි 
ඒ සතුට අසීමිතව භුක්ති වින්දා 
හීනෙකින්වත් කරන්න නොහිතපු ජඩ වැඩ එහෙමත් කළා 
ජීවිතේ පළමු දවස පාරක යනවා වගේ 
අපි කෑගැහුවා
ගිරිය කඩාගෙන කෑගැහුවා 
One way එකක Wrong side ගියා 
පොදු තැන් වල නැටුවා 
ඇස් පියාගෙන සතුටට අඬන්න පුළුවන් 
මොහොතෙන් මොහොත ගෙවෙනවා 
ඔයාලටත් බලාගන්න පුළුවන් 
එඩිට් වෙලා ආවට පස්සේ 

- අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.