Ads Top

පොඩි හාමුදුරුවනේ


පොඩි හාමුදුරුවනේ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

පොඩි හාමුදුරුවනේ 
ඔබ වහන්සේ උසින් මටත් කුඩයි 
නමුත් සීලය 
ගිහි අප කාටත් වැඩියෙන් උසයි 
ඔබ වහන්සේ ඉදිරියේ 
දන නැවෙනවිට 
දැනුනා සාංසාරික හුරු පුරුදු බවක් 
හැඟීම් දැනීම් 
නැතිද ඔබවහන්සේට 
කුඩා උවන්ගේ ආශාවන් 
නැතිද ඔබ වහන්සේට 
එක් හැන්දෑකරේක 
මා දුටුවා 
පන්සල් වත්තේ ක්‍රිකට් ක්‍රීඩා කරනා 
කොල්ලන් කුරුට්ටන් අසල ප්‍රේක්ෂකාගාරයේ 
ඔබවහන්සේ පමණක් 
ආශාවන් යටපත් කරගෙන සතුටු වන අයුරු 
තවත් උදෑසනක මා දුටුවා 
වැඩිහිටි භික්ෂුවක මෙන් 
අප ගෙනා බුද්ධ පූජාව 
ඔබ අප දෙපාර්ශවයේම නායක 
බුදු පියාණන් හට පූජා කළ අයුරු 
අනේ පොඩි හාමුදුරුවනේ 
ඔබ වහන්සේගේ ක්‍රියාවන් දකිමින් 
මා සතුටු වන්නද බුද්ධ පුත්‍රයෙක් වූ නිසා 
නැතිනම් දුක් වන්නද 
ළමා කාලය කෙළිලොල් අහිමි දරුවෙකු නිසා 
ඔබවහන්සේගේ කැපකිරීමේ වටිනාකමට 
මා වැඩු කුසල් අනුමෝදම් වේවා 

- අනූ 



Siththam Maya | Anu Perera. Powered by Blogger.