Ads Top

සිල් බින්ද වීඩියෝව

සිල් බින්ද වීඩියෝව 

සිත්තම් මායා| අනූ පෙරේරා 

ඉරාජ් අයියගේ අළුත් සිංදුව මට බලන්න වාසනාව ලැබුනේ මේ ලඟදි, ඒක තමයි ඔයාලා හිතනවා ඇති අනුවා කොච්චර මන්දගාමිද කියලා. අනේ මන්ද ඔය තාක්සනේ එක්ක ගණුදෙනු හරි සීමිතව මම කරන්නේ. එහෙම කිව්වේ ඇයි දන්නවද ? ටෙලිවිසන් එකේ ' සිල් බින්ද ' වීඩියෝ එක බලනකොට එහෙම ලොකු දෙයක් මට දැකගන්න බැරි උනා. ඒත් youtube එකේ tv එකට වඩා දෙයක් තිබුණා. මොකද්ද මේ අමුතු දේ ?

දෙතොල් සිප ගැනීමක්.  කොමෙන්ට් කෑලි කියවගෙන යනකොට අනුවා දැක්කා අමු තිත්ත කුණුහරපෙන් බැනලා තියෙනවා, විශේෂයෙන් නදීෂට. තේරුන විදියට සිල් බින්ද වීඩියෝව සභ්‍යත්වයට ගැලපෙන්නේ නෑලු. අනුවා දැන් මේ දෙපැත්තක හිර වෙලා තමයි මේ අකුරු ටික කොටන්නේ. බලමු කොයි පැත්තටද සාධාරණය ඉෂ්ඨ වෙන්නේ කියලා. එක්කොත් කාව කාවවත් සාධාරණය නොකර කට ** වහගෙන හිටියනම් හොඳයි කියලත් හිතෙනවා. ඒත් ටික කාලයක ඉඳන් අනුවගේ රැඩිකල් ගතිය මැකිලා කියලා චෝදනාවක් ආපු නිසා අනුවා ආයෙම ගේමට එන්ටර් උනා. 

ලංකාද්වීපය කියන්නේ සමාජ සභ්‍යත්වය, සංස්කෘතිය ඉහටත් උඩින් තියාගන්න හදන රටක්. සීමාවක් පැනවිලා තියෙන්නේ. යුරෝපීය රටවල වාගේ පුද්ගලයෙකුට නිදහස උපරිමයත් පහු කරමින් ජිවත් වන්නට වපසරිය මේ ලංකා භූමිය තුල සෑදී නැහැ. රටේ පවතින නීති රෙගුලාසිත් එක්ක ජීවත් වෙන්නට අපට සිදු වෙනවා. 

අනාධිමත් යුගයක වගේ ජීවත් වෙන්න මිනිස්සු කැමති නෑ. යල් පැන ගිය මිනිසුන් සමඟ යාවත්කාලින මිනිස්සුත් මේ සමාජ තලයේ ජීවත් වෙනවා. කෙසේවෙතත් සැබෑ නිර්මාණකරුවෙක් කියන්නේ සීමා මායිම් කඩාගෙන ඉස්සරහට යන යකෙක් මිසක් කාගේවත් රූකඩයක් නෙවෙයි. ඒ නිසා ඉරාජ් අවදානමක් ගත්තා. නදීෂා අවදානමක් ගත්තා. ඒ අවදානම සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. මං හිතන්නේ නෑ එයාල අසාර්ථකයි කියලා. සතියක වගේ කාලයකින් මිලියනයක විව්ස් ගත්තේ අපේ රටේ ඉන්න බහුතර සාම්ප්‍රදායික මිනිස්සු ඒ වීඩියෝව නොබලපු හින්දදෝ යන සැකය අනුවගේ හිතේ තවමත් තියෙනවා ඈ...

- අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.