Ads Top


Thank 2015 

Siththam Maya | Anu Perera

මම දන්නේ නෑ 
මට මතක නෑ 
මේ අවුරුද්ද සුබද අසුබද කියලා 
සුබ දේවල් 
එක්කම උන 
අසුබ දේවලුත් 
එමටයි 
ඒවා හිතේ කහට වගේ 
තියාගත්තේ නෑ 
Ups and Downs
කියන්නේ ජීවිතයේ රේඛා 
විතරක්ම නෙවෙයි 
ඒ...
අත්දැකීම් 
අවුරුද්දේ අන්තිමට 
අපට කිසිම අයිතියක් නෑ 
' ශික් මේ අවුරුද්ද පුදුම කාලකන්ණියි '
කියන්නට 
කාලකන්ණි උනා නම් ඒ 
අපේ වැරදි නිසා මිස 
අවුරුද්දේ දෝෂයක් නොවෙයි 
ඊළඟ අවුරුද්ද කිරි පැණි වෙන්නේ 
ජනවාරි පළමුදා 
ඇති කරගන්නා 
මොරාල් එකෙන්ම නෙවෙයි 
මොන ගැටළුව ආවත් 
ඒ මොරාල් එක කන්ටිනිවූ 
කරගන්නට 
ඇති කරගන්නා 
ස්වයං මොරාල් එක තුළින් ය
මීට වඩා පිකප් කරන්න බෑ 
ඒක කරගන්න ඕනේ තමන් තමන්ටමයි 
කොහොම නමුත් 
2015 අවුරුද්ද 
ගොඩක් ස්තුතියි 
මට සතුට-දුක පිරුණ 
අත්දැකීම් රැසක් දීලා 
මාව පරිණත කළාට 

- අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.